තිරිඟු අපනයනය තහනම් කර දින කිහිපයකට පසු ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිය සීනි අලෙවිය සීමා කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.
ඉකුත් බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය රජය පැවසුවේ මිල පාලනය කිරීම සඳහා සැප්තැම්බර් දක්වා දිවෙන අලෙවිකරණ සමය සඳහා සීනි අපනයනය ටොන් මිලියන 10 දක්වා සීමාකරන බවයි. ජූනි 1 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ ඕනෑම සීනි අපනයනයක් සඳහා බලධාරීන්ගෙන් ''විශේෂිත අවසරයක්'' ලබාගන්නා ලෙස විකුණුම්කරුවන්ගෙන් ඔවුන් ඉල්ලා ඇත.
ඉන්දියාව ලොව විශාලතම සීනි නිෂ්පාදකයා වන අතර බ්‍රසීලයට පසුව ලොව දෙවැනි විශාලතම අපනයනකරැ වේ. පසුගිය වසරේ සහ වත්මන් කන්නයේ ''අපනයනයේ පෙර නොවූ විරෑ වර්ධනයකින්'' පසු රට තුළ අවශ්‍ය තරම් සීනි තොග පවත්වා ගැනීමට පියවර ගත යුතු බවට නරේන්ද්‍ර මෝදිගේ රජය තීන්දු කර ඇත.
අපනයන සීමා කිරීමේ පියවර පැමිණෙන්නේ ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකය වන ඉන්දියාවේ වාර්ෂික සිල්ලර උද්ධමනය අප්‍රේල් මාසයේදී වසර අටකට ආසන්න කාලයක් තුළ එහි ඉහළම මට්ටම වන 7.8% දක්වා ළඟා වූ අවස්ථාවකය.