2022 මැයි 29 වන ඉරිදා

ටෙක්සාස් පාසලේ භීෂණය!

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 37

වයස 6-11 දක්වා වූ  ප්‍රාථමික සිසුන් 19 දෙනෙකු ඇතුළු 21 දෙනෙකුට මරු කැඳවමින් ටෙක්සාස් ප්‍රාන්තයේ, උවල්ඩේ රොබ් ප්‍රාථමික පාසලේ බිහිසුණු වෙඩි තැබීමේ සිද්ධියේ නව තොරතුරු දිනෙන් දින මතුවෙමින් තිබේ. ඝාතනයට සම්බන්ධ 18 හැවිරිදි සැල්වදෝර් රමෝස්, ඉකුත් අඟහරුවාදා ඒ මාරාන්තික එක්සත් ජනපද පාසල් සංහාරය සිදු කළේය. ප්‍රහාරයෙන් 17 දෙනෙකුද තුවාල ලබා ඇත. 

මෙය  දශකයකට පමණ පෙර සැන්ඩි හූක් වෙඩි තැබීමෙන් පසු අමෙරිකාවේ පාසලක  සිදුවු දරුණුම ඝාතන සිද්ධියයි.

පොලිසිය විසින් වෙඩි තබා මරා දැමීමට පෙර රමෝස්, ඔහුගේම ආච්චිට වෙඩි තබා පසුව මෝටර් රථය හප්පා දමා මෙම පන්ති කාමරයට වැදී එය අවහිර කර ළමුන් 19 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණි. 
ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර රාමෝස් තම ආච්චිට වෙඩි තබා පාසලකට වෙඩි තැබීමට යන බවට මාර්ගගත පණිවිඩ මගින් අනතුරු අඟවා ඇති බව අනාවරණය වීය.

උවල්ඩේ රොබ් ප්‍රාථමික පාසලේ අඟහරුවාදා ලේ වැගිරීමේදී ඔහු AR-15 මාදිලියේ අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් භාවිතා කර ඇත. ඔහු නීත්‍යානුකූලව එවැනි රයිෆල් දෙකක් මිලදී ගෙන ඇත්තේ දින කිහිපයකට පෙර, එනම් ඔහුගේ උපන්දිනයට ඉක්බිතිව බව බලධාරීහු පවසති. මේ පාසල් වෙඩික්කරුවාගේ මව කියා සිටියේ ඔහු ''ප්‍රචණ්ඩ පුද්ගලයෙකු නොවන'' බවයි. රමෝස් පාසල ඉලක්ක කළේ ඇයිදැයි විමර්ශකයින් තවමත් දන්නේ නැත.

 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00