ලොවපුරා සිදුවන මරණ හයෙන් එකකට පරිසර දූෂණය හේතු වී ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. 2019 වසරට අදාළ මේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙය යුද්ධය, මැලේරියාව, HIV, ක්ෂය රෝගය, මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර මගින් වාර්ෂිකව ගෝලීයව සිදුවන මරණ සංඛ්‍යාවට වඩා ඉහළ අගයකි.
පරිසර දූෂණය සහ සෞඛ්‍යය පිළිබඳ ලැන්සෙට් කොමිසම විසින් ඉකුත් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් හෙළිවූයේ පරිසර දූෂණය නිසා සෑම වසරකම මිලියන 9ක ජනතාවක් මියයන බවයි. ඉන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් මරණ හානිකර වාතය හේතුවෙනි.
මේ අධ්‍යයනයට අනුව, පාලනයකින් තොර නාගරීකරණය, අධි ජනගහන වර්ධනය සහ ෆොසිල ඉන්ධන මත යැපීම හේතුවෙන් සිදුවන වායු දූෂණය සහ විෂ රසායනික මගින් සිදුවන මරණ පසුගිය දශක දෙක තුළ 66%කින් වැඩි වී ඇත. වායු දූෂණයෙන් පසු, ජල දූෂණය මීළඟ මාරාන්තික තර්ජනය වන අතර, ඒ හේතුවෙන් 2019දී මිලියන 1.36ක අකල් මරණ සිදුව ඇත. ඊයම් දූෂණය ඊළඟටය. අධ්‍යයනයට අනුව, ඉන්දියාව සහ නයිජීරියාව වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල මරණවලින් 90%කට වඩා සිදුවී ඇත.
අධ්‍යයනයට අනුව, 2019 වසරේ වැඩිම වායු දූෂණය ආශ්‍රිත මරණ සංඛ්‍යාව ඉන්දියාව වාර්තා කර ඇති අතර, බිලියන 1.3ක් වූ ජනගහනයේ මිලියන 1.6කට වැඩි පිරිසක් මියගිය බව කියයි. ඉන්දියාවේ සෑම තැනකම පාහේ පරිසර දූෂණ මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින අතර, දිනකට මිලියන ගණනකට විෂ සහිත වාතය ආශ්වාස කිරීමට බල කෙරෙනු ඇත.
IQAir අධීක්ෂණ ජාලයට අනුව පසුගිය වසරේ ලෝකයේ වඩාත්ම දූෂිතම නගර 10න් 6ක්ම තිබුණේ ඉන්දියාවේය. චිකාගෝ විශ්ව විද්‍යාලයේ බලශක්ති ප්‍රතිපත්ති ආයතනය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව නරක වාතය මගින් ඉන්දියානුවන් මිලියන සිය ගණනකගේ ආයු අපේක්ෂාව වසර නවයකින් අඩු කළ හැකිය. මේ අතර, අප්‍රිකාව, අනාරක්ෂිත ජලය හෝ දුර්වල සනීපාරක්ෂක පිළිවෙත් වැනි සාම්ප්‍රදායික දූෂණයෙන් සිදුවන මරණවල අඩුවීමක් දක්නට ලැබේ.
පරිසර දූෂණ පාලනය සඳහා රජයේ අරමුදල් වැඩි කිරීම, වඩා හොඳ පරිසර දූෂණ දත්ත රුස් කිරීම සහ දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයට සමාන දූෂණය අධීක්‍ෂණය කරන ස්වාධීන ගෝලීය ආයතනයක් බිහිකිරීම ඇතුළු නිර්දේශ අටක් මේ සඳහා ක්‍රියාත්මක කරන ලෙස Lancet කමිටුව ලොවපුරා රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.