2022 මැයි 22 වන ඉරිදා

රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවෙකුට නිදහස

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 195

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ ඒ.ජී. පෙරරිවාලන් සිරගත කිරීමෙන් වසර 31කට පසු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය බදාදා අවසර ලබාදී ඇත. 1991 මැයි 21 වැනිදා දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ගාන්ධි ඝාතනයට ලක්ව සති කිහිපයකට පසු පෙරාරිවාලන් අත්අඩංගුවට ගන්නා ලදී.

2015 දී, පෙරරිවාලන්ගේ නීතීඥ කේ. පාරිවෙන්දන් (K. Paari Vendhan) විසින් තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත සමාව ඉල්ලීමක් ගොනුකරන ලදී. වසර ගණනාවක් තිස්සේ ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රතිචාරයක් නොලැබීමෙන් පසු වෙන්දන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප ඉල්ලා අයදුම්පතක් ගොනු කළේය.

ප්‍රහාරය එල්ල වනවිට 19 හැවිරිදි වියේ පසුවූ පෙරරිවාලන් බෝම්බය සඳහා බැටරි මිලදී ගත් බවට චෝදනා එල්ල විය. ඔහු මිනීමැරීමට සාපරාධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වරදකරු වූ බව අනෙකුත් චෝදනා අතර අධිකරණ ලේඛන පෙන්වා දෙයි. 1998 දී තවත් හය දෙනෙකු සමඟ ඔහුට මරණ දණ්ඩනය නියම වූ නමුත් ඔහුගේ දඬුවම 2014 දී ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදී.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ දෙමළ රාජ්‍යයක් සඳහා සටන් වැදුණු  බෙදුම්වාදී කැරලිකරුවන්ට චෝදනා එල්ල විය. ගාන්ධිගේ ඝාතනය සැලකෙන්නේ 1987 දී දිවයිනේ සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් බලාත්මක කිරීම සඳහා ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යැවීමට ඔහු ගත් තීරණයට පළිගැනීමක් ලෙසය.