උතුරු කොරියාව මේ වනවිට බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටියි. ඒ, රට තුළ වේගයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත හේතුවෙනි. ලක්ෂ 08කට වැඩි කොරෝනා ආසාදිතයින් දින 03 ක් තුළ උතුරු කොරියාවෙන් වාර්තා වි ඇත.
පවතින තත්ත්වය හමුවේ රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි වාර්තා වේ. බලධාරීන් විසින් ප්‍යොංයැං නගරයේහි ජනතාව තුළ අධික ලෙස සම්ප්‍රේෂණය වන Omicron කොරෝනා වයිරස් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන BA.2 අනාවරණය කරගත් බව රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) වාර්තා කර තිබේ.
ගතවූ සතියේ මුල් දින තුනේදී පමණක් උතුරු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 8,20,620 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම දින තුන තුළදී, මියගොස් ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45 ක් වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
තවත් ලක්ෂ තුනකට අධික ආසාදිතයින් පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර මේ වනවිට දැඩි නියඟයකටද මුහුණදී, ජාත්‍යන්තරයෙන් පැනවූ සම්බාධක රුසකටද ලක්ව සිටින උතුරු කොරියාව, ආර්ථික අර්බුද රැසකටද මුහුණ පා සිටියි. රට තුළ ආහාර හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවතින්නේද සීමිත ප්‍රමාණයක් බව වාර්තාවේ.
උතුරු කොරියානු වැසියන් කිසිදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබාගෙන නැති අතර රටවල් කිහිපයකින් උතුරු කොරියාවට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොග ලබාදීමට ඉදිරිපත්වී තිබුණත් එරට රජය ඒවා ප්‍රතික්ෂේප කර තිබුණි. මෑතක් වනතුරුම ඒ රටින් ආසාදිතයන් වාර්තා නොවීය.