ඉකුත් සති අන්තයේ හයිපර්සොනික් අවියක් සාර්ථකව අත්හදා බැලූ බව එක්සත් ජනපද ගුවන් හමුදාව හෙළි කර ඇත. ගුවන් හමුදාව පැවසුවේ සෙනසුරාදා දකුණු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් B-52H බෝම්බ හෙලන යානයක් මගින් මෙම AGM-183A නමැති වේගවත් ප්‍රතිචාර අවිය (ARRW) දියත් කළ බව ගුවන් හමුදාව කීවේය. මෙහි සාර්ථකත්වය උදාවී ඇත්තේ ඒ වැඩසටහන සඳහා ගත් උත්සාහය වසරකට වැඩි පසුබෑමකට පසුවය.
අවියේ බූස්ටරය ගුවන් යානයෙන් වෙන්වීමෙන් පසු බොහෝ වේලාවක් ගිනිගෙන දැවී ගියේය. ශබ්දය මෙන් පස් ගුණයක වේගයෙන් ගමන් කිරීමට මෙම ආයුධයට හැකිය. Lockheed Martin විසින් නිපදවන ලද, මෙම අවිය එහි ඉලක්කය දෙසට ලිස්සා යාමට පෙර රොකට් මෝටරයක් මගින් Mach 20ට වැඩි උපරිම වේගයක් ලබාදෙනු ලැබේ. මේ වනවිට චීනය, එක්සත් ජනපදය සහ රුසියාවට වඩාත්ම දියුණු හැකියාවන් ඇති අධි-ධ්වනි තාක්ෂණය ඇති අතර, හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බැලූ බව කියන ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය සහ උතුරු කොරියාව ඇතුළු තවත් රටවල් කිහිපයක් මේ තාක්ෂණය විමර්ශනය කරමින් සිටියි.