නිව්යෝර්ක් සිට ලන්ඩනයට මිනිත්තු 90 කින් ගමන්කළ හැකි සුපිරි ගුවන් යානයක් මේ වනවිට සංවර්ධනය වෙමින් පවතී. කොන්කෝඩ් යානයකට මේ දුර යාම සඳහා පැය තුනක් පමණ ගතවන අතර සාමාන්‍ය මගී යානයක් සඳහා පැය හයත් - හතත් අතර කාලයක් ගත වන බව වාර්තාවේ.
මේ නව ගුවන් යානයේ වේගය ශබ්දයේ වේගය මෙන් iv ගුණයකි. ඇට්ලන්ටා හි ආරම්භකර ඇති අධිධ්වනික ගුවන් යානා සංවර්ධනය කිරීම අරමුණු කරගත් ආයතනයක් වන හර්මියුස්, මේ යානාවෙ නිර්මාණකරුවෝය.
ආයතනය දැනටමත් නව මාදිලියේ එන්ජිමක් පරීක්ෂා කරමින් සිටින අතර එයට අවසානයේ Mach 5 (පැයට සැතපුම් 3,000 ට වැඩි) වේගයක් වෙත ළඟා විය හැකි බව පවසයි. මෙම එන්ජිම හර්මියුස් දැනට එක්සත් ජනපද ගුවන් හමුදාව සඳහා නිර්මාණය කරන කුඩා, මිනිසුන් රහිත හයිපර්සොනික් ගුවන් යානයක් සඳහා නිර්මාණය කර ඇත, මෙය මඟි ගුවන් යානා සඳහා සුදුසු ලෙස ප්‍රතිනිර්මාණයටද ඔවුන් සැරසේ. නමුත් ආරම්භයක් ලෙස, එය දැනට පවතින ගුවන් යානා වලට වඩා ඉතා කුඩා වනු ඇති අතර මගීන් 20 දෙනෙකුගෙන් යුත් තනි කුටියක් සහිත ගුවන් යානයක් වනු ඇත.