යුක්රේන යුද්ධය හේතුවෙන් ලොව රටවල් 26ක් බඩගින්නට ගොදුරුවීමට නියමිතය. ගෝලීය තිරිඟු අපනයනය ටොන් මිලියන 200ක් පමණ වන අතර, ඉන් ටොන් මිලියන 60ක ප්‍රමාණයක් රුසියාව සහ යුක්රේනය මගින් සපයනු ලබයි. නමුත් යුද්ධය හේතුවෙන් මේ අපනයනයට දැඩි බාධා එල්ල වී ඇත. ඒ බැවින් මේ වනවිට ගෝලීය තිරිඟු වෙළෙඳපොළ තුළ විශාල අර්බුදයක් මතු වී ඇත.
ලෝකයේ රටවල් 26ක් පමණ තිරිඟු සැපයුම්වලින් අඩකට වඩා රුසියාවෙන් සහ යුක්රේනයෙන් අපනයනය කරමින් සිටි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අරීෆ් හුසේන් ප්‍රකාශ කර ඇත. දෙරටේ යුද්ධය ආරම්භ වීමෙන් පසු ගෝලීය තිරිඟු මිල 42%කින් පමණ ඉහළ ගොස් අපනයනයද බිඳ වැටී ඇති බව කියැවේ.
මෙලෙස කෘෂි වෙළෙඳාම සහ ධාන්‍ය වර්ග අපනයනය දැඩි අර්බුදයකට ලක්වීම හේතුවෙන් ඉන්දියාවට තිරිඟු අපනයනයේ ස්ථාවර සැපයුම්කරුවකු වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වී තිබුණද, ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන තිරිඟුවලින් වැඩි ප්‍රමාණයක් එරට පරිභෝජනය සඳහා වෙන්කර ඇති බැවින් ගෝලීය තිරිඟු සැපයුම්කරුවකු බවට පත් වීමට ඒරටට ඇති අවස්ථාව සීමිතය. ඒ බැවින් මේ වනවිට ගෝලීය වෙළෙඳපොළ තුළ විශාල තිරිඟු හිඟයක් මතු වී ඇතැයි වාර්තා වේ.