ලංකාව වෙනුවෙන් ඉන්දීය කලාකරුවෙකු සංවේදී නිර්මාණයක් මගින් සාමය පතා තිබෙනවා. ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ විරෝධතා මැද ගැටෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ අපූර්ව නිර්මාණය කර ඇත්තේ සිය ප්‍රකාශන මාධ්‍ය ලෙස වැලි යොදාගනිමින් නිර්මාණ කරන සුප්‍රකට ඉන්දීය කලාකරුවෙකි.
ඉන්දීය වෙරළ තීරයක මෙම නිර්මාණය ඉදිරිපත් කර තිබෙන්නේ සුදර්ශන් පට්නායික් නමැති ප්‍රකට වැලි කලාකරුවාය. ඉන්දීය ජාතික සුදර්ශන පට්නායික් ලෝකය පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙකි.
ශ්‍රි ලංකාවේ මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් ඇති වූ සංවේදනාව වැලි යොදාගනිමින් ඔහු කළ මෙම නිර්මාණය මගින් ලෝකයටම කියන්නට උත්සාහ දරා තිබෙනවා.