හොංකොංහි හිටපු ආරක්ෂක ප්‍රධානියෙකු එරට ප්‍රධාන විධායක ධූරයට පළමු වතාවට පත්ව ඇත. පසුගියදා එරට පැවැති මැතිවණ කමිටු ඡන්ද විමසීමේදී අනුමත ඡන්ද 1500න් ඡන්ද 1416ක් ලබා ගනිමින් ජෝන් ලී කචිව්, හොංකොංහි ප්‍රධාන විධායකවරයා ලෙස තේරී පත්ව තිබේ.
හොංකොං රාජ්‍යයේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ජෝන් ලී සැලකෙන්නේ චීනයට පක්ෂපාති පුද්ගලයෙකු ලෙසයි. ඔහු චීන බලපෑම්වලට එරෙහිව හොංකොංහි පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය මර්දනය කිරීමට සහය දැක්වීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබූ අයෙකි.