2022 මැයි 15 වන ඉරිදා

අල් ජසීරා මාධ්‍යවේදිනියක ඝාතනයට ලක්වේ!

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 29

අල් ජසීරා පුවත් සේවයේ, ප්‍රමුඛ පෙළ මාධ්‍යවේදිනියක වන ශිරීන් අබු අක්ලේ ඊශ්‍රායල හමුදා විසින් මරා දමනු ලැබු බවට සංවේග ජනක වාර්තාවක් පළව ඇත. ඒ, ඇය බටහිර ඉවුරේ පිහිටි ජෙනින් සරණාගත කඳවුරේ  වැටලීමක් වාර්තා කරමින් සිටියදීය.

තම මාධ්‍යවේදිනිය ඊශ්‍රායල හමුදා විසින් හිතාමතා අමුඅමුවේම වෙඩි තබා මරා දැමූ බව අල් ජසීරා ප්‍රකාශ කළ නමුත් ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් පැවසුවේ පලස්තීන වෙඩි තැබීමකින් වාර්තාකරු මිය යන්නට ඇති බවය. පලස්තීන කිතුනුවකු වන 51 හැවිරිදි අබු අක්ලේ, නාලිකාවේ අරාබි පුවත් සේවයේ කැපී පෙනෙන චරිතයක් වුවාය. 

බදාදා අලුයම ජෙනින් සරණාගත කඳවුරේ මෙහෙයුමක් සිදුකළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කළ නමුත් තමන් එහිදී හිතාමතාම පුවත් වාර්තාකාරිය, ඉලක්ක කර ප්‍රහාර එල්ලකළ බවට ඇති චොදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00