2022 මැයි 01 වන ඉරිදා

අවුන් සාන් සුකී වසර 190ක් හිරේ වැටෙයිද?

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 73

බලයෙන් පහ කළ මියන්මාර නායිකා අවුන් සාන් සුකීට එරට අධිකරණයකින් දූෂණ චෝදනා මත වසර 5ක සිර දඬුවමක් නියම කෙරිණ. මේ වන විට 76 වැනි වියෙහි පසුවන නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුකීට එරෙහිව නඩු 11ක් පවරා තිබේ. ඉන් පළමු නඩු විභාගයේ තීන්දුව ලෙස ඇයට එලෙස වසර 5ක සිර දඬුවම් නියම කෙරිණ.

මෙම නඩුව කේන්ද්‍රගත වූයේ 76 හැවිරිදි Suu Kyi, හිටපු Yangon මහ ඇමති Phyo Min Thein වෙතින් රන් කිලෝග්‍රෑම් 11.4 (අවුන්ස 402) සහ ඩොලර් 600,000ක මුදල්  භාර ගත් බවට වන චෝදනා මතය. සුකී එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

සුකී බන්ධනාගාරයකට මාරුකරනු ලබන්නේද යන්න ක්ෂණිකව පැහැදිලි නොවීය. ඇයව ප්‍රසිද්ධියට පත් නොකළ ස්ථානයක රඳවා ඇත. නඩු විභාගය ඒ ගැන තොරතුරු සීමා කරමින් සංවෘතව පැවැත්විණි.

2021 මුල් භාගයේදී කුමන්ත්‍රණයකින් බලයෙන් ඉවත් කිරීමට පෙර වසර පහක් මියන්මාරයට නායකත්වය දුන් නොබෙල් ත්‍යාගලාභි සුකීට අවම වශයෙන් වැරදි 18ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඒ සඳහා වරදකරු වුවහොත් වසර 190කට ආසන්න උපරිම සිරදඬුවම් නියම කළ හැකිය.