2022 අප්‍රේල් 10 වන ඉරිදා

යුක්රේන ඝාතන ලෝක අධිකරණයට !

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 90

යුක්රේනයට එරෙහි පුටින්ගේ යුද්ධයේදී යුධ අපරාධ සිදුකළ බවට චෝදනා ලැබූ රුසියානු අණදෙන නිලධාරි  ලුතිනන් කර්නල් Azatbek Omurbekov බුචර්  ඔෆ් බුචා ලෙස අන්තර්ජාතික මාධ්‍ය මේ වනවිට හඳුන්වාදී ඇත්තේ හිට්ලර්ගේ නාසි ඝාතන යුගය සිහියට නංවමිනි. යුක්රේන අගනුවර Kyiv නගරයට නුදුරින් පිහිටි Bucha නගරය අත්පත් කර ගැනීම සම්බන්ධ 64 වැනි මෝටර් රයිෆල් බලකායේ අණදෙන නිලධාරියා ඔහුය. මොහු පසුගිය වසරේ අගභාගයේදී ඕතඩොක්ස් පල්ලියේ ආශීර්වාදයද ලත් ප්‍රවීණ සොල්දාදුවෙකු ලෙස හෙළි වී ඇත. 2014 වසරේ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය දිමිත්‍රි බල්ගාකොව් විසින් විශිෂ්ට සේවාවක් සඳහා පදක්කමක් ලබා දුන් 40 හැවිරිදි වියේ පසුවන ඔමුර්බෙකොව්, යුක්‍රේන සිවිල් වැසියන් සිය ගණනක් දූෂණය කිරීම, කොල්ලකෑම් සහ ඝාතනය කිරීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් දැන් චෝදනා ලැබ සිටී.

ක්‍රෙම්ලිනයේ හමුදා විසින් අත්පත් කරගෙන සිටි බුචා නගරයෙන් රුසියානු හමුදා ඉවත් වීමට පෙර එහි සිදුකළ බව කියන අමානුෂික සිවිල් සංහාරයන් බව කියනු ලබන දර්ශන ඇතුළත් භයානක පින්තූර මෑත දිනවල ගෝලීය විරෝධයක් අවුලුවා, මොස්කව්හි රාජ්‍ය තාන්ත්‍රිකයින් දුසිම් ගණනක් නෙරපා හැරීමට සහ ගල් අඟුරු තහනම ඇතුළු තවත් සම්බාධක අලුතෙන් යෝජනා කිරීමට බටහිර ජාතීන් පොළඹවා ඇත.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලන්ස්කි රුසියාව යුක්රේනයේ %ජන සංහාරයක්^ සිදු කළ බවට චෝදනා කිරීමෙන් එක්සත් ජාතීන් කම්පනයට පත් කළේය. මොස්කව්හි හමුදාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමට සංසන්දනය කරමින් සහ ආරක්ෂක මණ්ඩලය අමතා කළ වීඩියෝ දේශනයකදී පුටින් කළ බව කියන කුරිරුකම් සම්බන්ධයෙන් යුක්තිය ඉදිරියට ගෙන එන ලෙස ඉල්ලා සිටියේය. බුචා, ඉර්පින් සහ මරියුපෝල් යන ප්‍රදේශවලදී පිළිස්සුණු සිරුරු, සිවිල් වැසියන් වෙඩි තබා මරා දැමූ සහ සමූහ මිනීවළවල්වල බිහිසුණු ඡායාරූප බෙදාගනිමින් සෙලෙන්ස්කි කියා සිටියේ සිවිල් වැසියන් වධහිංසාවට ලක් කිරීමෙන් පසු හිස පිටුපසට වෙඩිතබා ඔවුන්ගේ මහල් නිවාසවල සහ කාර්වල සිටියදී ටැංකිවලින් වෙඩිතබා අත්බෝම්බ ප්‍රහාර එල්ලකර ඝාතනය කර ඇති බවටය.

ජාත්‍යන්තර නීතියට අනුව, හමුදාපතිවරයෙකු තම හමුදා විසින් කරන ලද ඕනෑම යුද අපරාධයකට වගකිව යුතුය. ජාත්‍යන්තර අධිකරණය (ICJ) රාජ්‍යයන් අතර ඇති වන ආරවුල් සම්බන්ධයෙන් තීන්දු ගන්නා ආයතනයයි. නමුත් පුද්ගලයන්ට නඩු පැවරිය නොහැක. ICJරුසියාවට එරෙහිව තීන්දුවක් ලබා දුන්නේ නම්, එය බලාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වගකිව යුතුය. එහෙත් එය කවුන්සිලයේ ස්ථිර සාමාජිකයන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස අනුමත කිරීමට පෙර මොස්කව් හට ඕනෑම යෝජනාවක් නිශේධනය කළ හැකිය.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව රුසියානු ආකමණය ආරම්භ වූ දා සිට අවම වශයෙන් යුක්රේන සිවිල් වැසියන් 1,563ක් මිය ගොස් ඇත. 2200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00