පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත මැතිවරණයක් කැඳවීමට අගමැති ඉම්රාන් ඛාන් ගෙන ඇති පියවරේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තීන්දුව පකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නැවතත් ප්‍රමාද කර ඇත. විසුරුවා හැරීම පිළිබඳ තීන්දුවක් බ්‍රහස්පතින්දා ලබාදිය හැකි බවට පමණක් අධිකරණය ඉඟි කළේය.
ඛාන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරන ලද පෙත්සම් කිහිපයක් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් බදාදා අඛණ්ඩව කටයුතු කළ අතර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ඛාන්ට එරෙහි විශ්වාසභංග ඡන්දය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු පරාජය වීමට නියමිත බවට මතයක් ගොඩනැගිණි.
මේ වනවිට පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය සති අන්තයේ අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වීම අවහිර කර හදිසි මහ මැතිවරණයක් කැඳවීමට ගත් අනපේක්ෂිත පියවරේ නීත්‍යානුකූලභාවය සොයා බලයි.
ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයකු වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා, ඛාන් පරදින්නට පුළුල් ලෙස අපේක්ෂා කළ විශ්වාසභංගය විදේශ කුමන්ත්රණයක කොටසක් සහ ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කරමින් එය විසි කළේය. ඛාන් තීන්දු කළේ ව්‍යවස්ථා අර්බුදයකට යාම හෝ බලය අත්හැරිමට වඩා අලුත් ඡන්දයකට යාම සුදුසු බවය
ඛාන් 2018දී බලයට පත් වූයේ ඡන්ද මංකොල්ලකෑම් පිළිබඳ චෝදනාවලින් අපිරිසිදු වූ මැතිවරණයකදීය. ඒ වනවිට ඔහුට පකිස්තානයේ බලවත් හමුදාවේ සහාය තිබුණි. නමුත් ඛාන්ගේ රාජ්‍ය පාලනය සහ විදේශ ප්‍රතිපත්ති හැසිරවීම පිළිබඳ ඇතිවූ මතභේද නිසා මේ වනවිට හමුදා ප්‍රධානීන් සමඟ ඔහුගේ සබඳතා බිඳ වැටී ඇත.
මිලියන 220ක ජනගහනයක් සිටින පකිස්තානයේ 75 වසරක ඉතිහාසය තුළ කිසිදු අගමැතිවරයෙකු කිසිදාක පූර්ණ ධුර කාලයක් සම්පූර්ණ කර නැත, එය රටේ බලවත් හමුදාව විසින් සිදුකළ නිරන්තර කුමන්ත්රණවලින් විනාශ වී ඇති අතර, දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදයක් මධ්‍යයේ ඛාන්ගේ ඉරණමද දැන් රුඳී පවතී.