අමෙරිකාවේ 2024 මැතිවරණය අද පැවැත්වුවහොත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය ජයග්‍රහණය කරනු ඇති බව මේ සතියේ The Hill හි ප්‍රකාශයට පත් කරන ලද නව මත විමසුමකින් හෙළි වී තිබේ.
අමෙරිකාවේ සිටි 45 වැනි ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ආන්දෝලනාත්මක චරිතයකි. දෙවැනි ජනාධිපතිවරණයෙන් අවසන් මොහොතේ පරාජය වුවද ඒ හේතුවෙන් එක්සත් ජනපද කැපිටල්හි හටගත් කෝලාහලයකට පවා මුල්වූ ට්‍රම්ප් තමන් නැවත බලය අල්ලන බව කීවේ එදාමය. දැන් රටේ ජනමනස තුළ ඔහුට පක්ෂපාතී ආකර්ෂණයක් නැවත ඇතිව තිබේ.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය අද පැවැත්වුවහොත්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවම වශයෙන් ලකුණු 6 කින් ජනාධිපති බයිඩන් පරාජය කරනු ඇතැයි Harvard CAPS/Harris සමීක්ෂකයන් කළ නව මත විමසුමකින් හෙළිව ඇත.
මීළඟ ජනාධිපතිවරණය අද පැවැත්වුවහොත්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති බයිඩන් සියයට හයකින් සහ උප ජනාධිපති කමලා හැරිස් සියයට 11කින්ද පරාජය කරනු ඇති බව ඒ මත විමසුම පෙන්වා දෙයි.
The Hill විසින් ප්‍රකාශයට පත්කරන ලද Harvard CAPS-Harris මත විමසුමට අනුව 45 වැනි ජනාධිපතිවරයා ට්‍රම්ප්, වත්මන් ජනපති බයිඩන් 47% සිට - 41% දක්වා පරතරයකින් පරාජය කරනු ඇත. කමලා හැරිස් ට්‍රම්ප්ට එරෙහිව නැගී සිටියහොත් ඊටත් වඩා නරක ප්‍රතිඵලයක් ගෙන එනු ඇති බව ප්‍රතිඵලය පෙන්වා දෙයි. ඒ අනුව - 49%ක් හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දෙනු ඇත, එය කමලා සඳහා 38%කි. ට්‍රම්ප් හෝ බයිඩන් තවමත් නිල වශයෙන් 2024 ඡන්දයට ඉදිරිපත්ව නැත. නමුත් දෙදෙනාම නැවත තරඟ කරන බවට ඉඟිකර ඇත.
“සත්‍යය නම්, මම දෙවරක් සටන් කළෙමි. මම දෙවරක් දිනුවෙමි. මම දෙවැනි වර වඩා හොඳින් ක්‍රියා කළෙමි. දැන්, අපට එය නැවත කිරීමට සිදුවනු ඇත.” ට්‍රම්ප් ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ජෝර්ජියාවේ පැවැති රැලියකදී ආධාරකරුවන්ට පැවසීය.
බයිඩන් පසුගිය සතියේ කියා සිටියේ 2024දී නැවත ට්‍රම්ප්ට මුහුණ දීමට තමා “ඉතා වාසනාවන්ත” වනු ඇති බවයි. යුක්රේනය සම්බන්ධයෙන් නේටෝ සහචරයින් හමුවීමෙන් පසු බ්‍රහස්පතින්දා බ්‍රසල්ස්හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැවසුවේ “ඊළඟ මැතිවරණයේදී, ඔහුම (ට්‍රම්ප්) මට විරැද්ධව ඉදිරිපත් වුවහොත් මම ඉතා වාසනාවන්ත වනු ඇත'' කියාය.