2022 මාර්තු 27 වන ඉරිදා

සෝමාලියාවේ මහා බඩගින්නක්!

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 120

මේ වසරේ සෝමාලියානු ජනගහනයෙන් අඩකට වඩා දරුණු කුසගින්නෙන් හෝ සාගින්නෙන් පෙළීමේ අවදානමකට ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. අප්‍රිකා කලාපය අඛණ්ඩව වැසි වාර තුනක් අසාර්ථක වීමෙන් පසු දශක ගණනාවක අනතුරුව පැමිණි එහි දරුණුම ඉඩෝරයට මුහුණ දී සිටී.

යුක්රේනයේ මානුෂීය අර්බුදය කෙරෙහි ලෝකයම අවධානය යොමුකර ඇති  බැවින් සෝමාලියානු ආහාර ආධාර සඳහා අවශ්‍ය අරමුදල්වලින් ඉතා කුඩා කොටසක් පමණක් රැස් කර ගන්නට හැකිව ඇති බව ආධාර ආයතන පවසයි. රටේ පැවැත්ම තවදුරටත් අවුල් කර ඇත්තේ අර්බුදකාරී දේශපාලන හා ආරක්ෂක තත්ත්වයයි. ඒ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති ආරවුලකින් රජය අඩපණව තිබියදී අල්-ෂබාබ් සන්නද්ධ කණ්ඩායම ප්‍රහාර වේගවත් කරමින් සිටීමත් සමගය.

මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ සෝමාලියාවේ ජනතාවගෙන් අඩකට වඩා මේ වසරේ දැඩි කුසගින්නෙන් හෝ සාගින්නෙන් පෙළීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00