වසර 500කට පසු ඇති වූ දරුණුතම ව්‍යසනයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නට එරට අගමැති ස්කොට් මොරිසන් කටයුතු කළේය. අධික ගංවතුර තත්ත්වයක් උද්ගත වීම නිසා නිව්සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ඇති වූ මේ ව්‍යසනයෙන් පුද්ගලයන් 24 දෙනකු දැනට මියගොස් ඇතැයි වාර්තා වේ.
නිවාස දහස් ගණනක් ගංවතුරට හසු වී ඇති අතර, නිවැසියන්ට කඩිනමින් ආධාර උපකාර කිරීමට අපොහොසත් වීම ගැන මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩුවලට ජනතා කෝපය පළ වී ඇතැයි බීබීසීය කියයි.
තායිලන්තයේදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන්ගේ මෘත දේහය නැවත ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට කඩිනමින් ගුවන් යානයක් යෙදවූ අගමැතිවරයාට ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට එවැනි උනන්දුවක් නොතිබීම එරට ජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇතැයිද වාර්තා වේ.