2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

යුක්රේන අලකලංචිය!

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 169

යුක්රේනය බද කුඩා අසල්වැසි දේශසීමාවලින් තම 150,000 ආසන්න භට පිරිස් ආපසු ඇදගත් බවට මොස්කව් පාලනය විසින් පසුගියදා සිදුකර ඇති තහවුරු නොකළ ප්‍රකාශය නොතකා රුසියාව තවමත් යුක්රේනය ආක්‍රමණය කළ හැකි බවට ජනාධිපති බයිඩන් අනතුරු ඇඟවීමක් සිදුකළේය.  

එහිදී බිඩෙන් පැවසුවේ, යුක්රේනය නේටෝවට බැඳීම වැළැක්වීම ඇතුළු රුසියානු ඉල්ලීම්වලට හිස නොනමා අර්බුදය සමනය කිරීමට එක්සත් ජනපදය සහ එහි සහචරයින් “රාජ්‍ය තාන්ත්‍රිකභාවයට මුල් තැන දිය හැකි සෑම අවස්ථාවක්ම ලබාදෙන” බවයි. 

මේ අනුව බයිඩන්  යුක්රේනයේ සටන් කිරීමට එක්සත් ජනපද හමුදා නොයවන බව පැවසූ නමුත් එක්සත් ජනපදය ''නේටෝ භූමියේ සෑම අඟලක්ම ඇමෙරිකානු බලයේ පූර්ණ බලය යොදා ආරක්ෂා කරන'' බවට පොරොන්දු විය.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ, නැගෙනහිර යුරෝපයේ නේටෝවේ ව්‍යාප්තිය ආපසු හැරවීම ඇතුළු එහි ඉල්ලීම් සංවාදයේ ප්‍රමුඛතාවයක් වන්නේ නම්, සාකච්ඡා දිගටම කරගෙන යාමට තම රට කැමති බවයි.

මේ අතර බදාදා අමෙරිකානු රාජය නිලධාරියෙක් කියා තිබුණේ තම හමුදා ආපසු ඇදගෙන ගොස් ඇති බවට රුසියාව කරන ප්‍රකාශයන්ට සෘජුවම ප්‍රතිවිරුද්ධව යුක්රේන දේශසීමාවේ සිය හමුදා ඒකරාශි කිරීම සඳහා රුසියාව විසින් තවත් 7000 ක භට පිරිසක් එක් කර ඇති බවය. ඒ අනුව රුසියාවේ ඉවත් වීමේ ප්‍රකාශය ''අසත්‍ය'' බව ඔප්පු වන  අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ රාජ්‍ය තාන්ත්‍රික මවාපෑමක් බවය.

සතිය මුලදී, පුටින් පැවසුවේ ක්‍රිමියාවේ පුහුණු අභ්‍යාස නිම කිරීමෙන් පසු රුසියාව සිය හමුදා ඛණ්ඩ කිහිපයක් නැවත කඳවුරු කරා යවන බවයි. වියයුතු සේම, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ නායකයින් එම ප්‍රකාශය සැක කළහ.

මේ සම්බන්ධයෙන්  එක්සත් ජනපද ලේකම් ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ ''රුසියාව පවසන දේ සහ කරන දේ අතර දැඩි වෙනසක් ඇති'' බවයි. ඒ අනුව යුක්රේන අලකලංචිය පිළිබඳ සහනශීලී විසඳුමක් තවමත් ඉදිරිපත් වී නැත.