2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

ඩිස්කෝ ඩාන්සර් අවසන් ගමනේ!

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 51

'80 සහ '90 දශකවල ඉන්දියාවේ ඩිස්කෝ සංගීතය ජනප්‍රිය කිරීම සඳහා ප්‍රසිද්ධ වූ ජනප්‍රිය ඉන්දියානු සංගීතවේදී බප්පි ලහිරි (Bappi Lahiri) අභාවප්‍රාප්ත විය. ඉන්දීය 'ඩිස්කෝ සංගීත රජු' ලෙස සැලකෙන ඔහු "Chalte Chalte”, “Disco Dancer”, “Sharaabi” ඇතුළු ප්‍රසිද්ධ චිත්‍රපට කිහිපයක් සඳහා ගීත රචනා කළේය.

වසර 50කට ආසන්න කාලයක් බොලිවුඩ් සිනමාවට විශිෂ්ට දායකත්වයක් සැපයූ ගායකයකු සහ සංගීත අධ්‍යක්ෂවරයකු වූ බප්පි ලහිරි සිය නිර්මාණ තුළින් බොලිවුඩ් සිනමාවේ පෙරළිකාර වෙනසක් ඇති කළ තැනැත්තාය. 

1982 දී ඔහු විසින් සංගීතවත් කළ ඩිස්කෝ ඩාන්සර් චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ දැමීමට සමත් වූ අතර, 1986දී චිත්‍රපට 33කට ගීත 180කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමෙන් ඔහු ගීනස් පොතටද ඇතුළත් විය.

මුම්බායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බප්පි ලහිරි, නින්දේදීම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර මියගොස් තිබුණු බව වෛද්‍යවරයෙක් සඳහන් කර ඇත.

මිය යනවිට ඔහු 69 වියෙහි පසුවිය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ද ලහිරිගේ පවුලේ අයට සහ රසිකයන්ට ශෝකය ප්‍රකාශ කර තිබුණි.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00