2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

ඒඩ්ස් සුව වූ පළමු කත!

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 199

එක්සත් ජනපදයේ ලියුකේමියා රෝගී කාන්තාවක ප්‍රාථමික සෛල බද්ධ කිරීමෙන් පසු එච්.අයි.වී. රෝගයෙන් සුවය ලැබූ පළමු කාන්තාව සහ ලොව තුන්වැනි පුද්ගලයා බවට පත්ව ඇත.

ඇටමිදුළුවල රුධිර සාදන සෛලවලින් ආරම්භ වන උග්‍ර ලියුකේමියාවට ප්‍රතිකාර කිරීම සඳහා පෙකණි වැලට සම්බන්ධ රුධිරය සෛල භාවිතයෙන් මේ ප්‍රතිකාරය නිමවා ඇති අතර එය මේ වර්ගයේ පළමු උත්සාහයයි.

පෙකණි රුධිරය ලබාගත් දා සිට, මිශ්‍ර ජාතික මැදිවියේ කාන්තාවක් වන ඇය මාස 14ක් පුරා HIV වයිරසයෙන් තොර වී ඇති බව වාර්තාවේ. එසේම ඒඩ්ස් සඳහා වූ ප්‍රතිවෛරස් ප්‍රතිකාර ලෙස හැඳින්වෙන ප්‍රබල ප්‍රතිකාරය අවශ්‍ය නොවන මට්ටමට රෝගය සමනය වී තිබේ.

අස්ථි මිදුළු බද්ධ කිරීමේදී බහුලව භාවිතා වන වැඩිහිටි ප්‍රාථමික සෛල ලබාගත් එක් සුදු ජාතිකයෙකු සහ ලතින් ජාතිකයෙකු වන පිරිමින් තුළ දෙදෙනෙකු මීට පෙර  මෙලෙසම සුව වූ බව වාර්තා විය. පර්යේෂකයන්ට අනුව මෙය වැඩි පිරිසකට ප්‍රතිකාර ලබාගත හැකි නව ප්‍රවේශයකි.