2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

ඔඩිස්සාවේ අනංගයා!

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 350

ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල මැදිවියේ, උගත් සහ ධනවත් කාන්තාවන් සමඟ විවාහ වූ ඔඩීෂා ප්‍රාන්තයේ 66 හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව තිබූ නඩු ලැයිස්තුවට තවත් නඩු තුනක් එක්වීමත් සමඟ ඔහුගේ භාර්යාවන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. දැනට අධිකරණ අත්අඩංගුවේ පසුවන මෙම පුද්ගලයාට මීට පෙර චෝදනා එල්ල වූයේ 14 වතාවක් විවාහ වී ඇති බවටය.

වෛද්‍යවරයකුගේ ව්‍යාජ අනන්‍යතාවයෙන් කාන්තාවන් වෙත පැමිණි මෙම චූදිතයා ඇසෑම් ප්‍රාන්තයේ වෛද්‍යවරියක සහ ඔඩීෂා ප්‍රාන්තයේ ඉහළ උගත් කාන්තාවක්ද වන චත්තිස්ගාර්හි ගණකාධිකාරිවරියකද රවටා විවාහ වී ඇති බව පොලිසියට අලුතෙන් පැමිණිලි ලැබී ඇත‍. විත්තිකරු සතුව PAN කාඩ්පත් තුනක් සහ ATM කාඩ්පත් 11ක් තිබී සොයා ගැනීමත් සමඟ ඒ ගැන පරීක්ෂාවට ඉන්දීය රිසර්ව් බැංකුවේ (RBI) සහායද ඉල්ලා ඇත.

වෛද්‍යවරයකු ලෙස කළ ඔහුගේ රැවටීමට හසුවූ, ඔවුන්ගෙන් හතර දෙනෙකු ඔඩිෂාහි ද, තිදෙනෙකු දිල්ලියේද, තිදෙනෙකු ඇසෑම්හිද, මධ්‍ය ප්‍රදේශ් සහ පන්ජාබ්හි දෙදෙනකු බැගින්ද, චත්තිස්ගාර්, ජාර්කන්ඩ් සහ උත්තර් ප්‍රදේශ්හි එක් අයෙකු බැගින්ද හමුව ඇත. ඔවුන් හා සමග ජීවත් වීමට පෙර රැපියල් ලක්ෂ ගණනින් මුදල්ද වංචා කර ඇත.

වෛද්‍ය බිභු ප්‍රකාශ් ස්වේන් සහ ආචාර්ය රන්ජන් ස්වේන් වැනි විවිධ නම් ලබාගත් මෙම රමේෂ් චන්ද්‍ර ස්වේන් නමැත්තා ඔඩීෂා ප්‍රාන්තයේ කේන්ද්‍රපාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ගම්මානයක අයෙකි.
“ව්‍යාජ වෛද්‍යවරයාගේ තවත් භාර්යාවන් තිදෙනෙකු හඳුනාගෙන ඇත,” බුබනේස්වර් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් යූඑස් ඩෑෂ් බුබනේස්වර්හි වාර්තාකරුවන්ට පැවසීය.