ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි අභිබවා මුකේෂ් අම්බානි නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත.
2022 පෙබරවාරි 9 වනවිට, මුකේෂ් අම්බානි ඩොලර් බිලියන 89.2ක ශුද්ධ වටිනාකමක් ඇති Bloomberg Billionaires Index ගෝලීය ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ සිටින බව වාර්තා විය. අම්බානිගේ ශුද්ධ වටිනාකම ගෞතම් අදානිගේ ඩොලර් බිලියන 86.3 ඉක්මවා ඇත. ඒ අනුව මුකේෂ් අම්බානි ඩොලර් බිලියන 89.2 ක ශුද්ධ වටිනාකමක් ඇතිව Bloomberg Billionaires Index ගෝලීය ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ සිටී. Adani සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවර ගෞතම් ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ සිටි අතර ආසියාවේ දෙවැනි ධනවත්ම පුද්ගලයාගේ තත්ත්වය දරයි.
ඊට පෙර දින පෙබරවාරි 8, ගෞතම් අදානි මුකේෂ් අම්බානි අභිබවා ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමෙන් පසුව මෙම වෙනස සිදුව ඇත. Forbes සඟරාවේ Real-Time Billionaire ලැයිස්තුවට අනුවද පසුගිය සතියේ ගෞතම් අදානි, මුකේෂ් අම්බානි පරදවා ධනවත්ම ඉන්දියානුවා බවට පත් විය. එසේම පසුගිය සතියේ, මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි යන දෙදෙනාම Forbes සඟරාවේ තත්‍ය කාලීන ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ මාර්ක් සකර්බර්ග් අභිබවා ගියෝය.