නිකරගුවාව තුළ මේ වනවිට දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. ජනාධිපති ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා නැවත සිය බලය තහවුරු කර ගැනීමට ගන්නා පියවරක් හැටියටය.
මාධ්‍යවේදී මිගෙල් මෝරා යනු මධ්‍යම ඇමරිකාවේ විසම්මුති කණ්ඩායම් මර්දනය කිරීම මධ්‍යයේ වරදකරු වී දඬුවම් නියම වූ නිකරගුවාවේ නවතම විපක්ෂ චරිතයයි. කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් පසුගිය සතියේ මෙම මාධ්‍යවේදියාට වසර 13ක සිරදඬුවම් නියම විය. මිගෙල් මෝරා වැනි ජනාධිපති අපේක්ෂකයින් හත් දෙනෙකු ඇතුළු විපක්ෂ නායකයින් 46 දෙනෙකුගේ නඩු විභාගය පෙබරවාරි 1 දා ආරම්භ විය.
මාධ්‍යවේදී මිගෙල් මෝරා හිටපු ජනාධිපති අපේක්ෂකයෙක්ද වෙයි. ඔහුට වසර 13ක සිරදඬුවමක් නියම කර ඇත්තේ “ජාතික ඒකාග්‍රතාවයට වල කැපීමේ කුමන්ත්‍රණයක්” සම්බන්ධයෙන්ය. මෝරා යනු පැය කිහිපයක් තුළ පැවති කෙටි නඩු විභාගවලින් පසුව වරදකරු වී දඬුවම් නියම වූ විරුද්ධවාදී දේශපාලන චරිත මාලාවේ නවතම පුද්ගලයාය.
අභ්‍යන්තර විසම්මුතිය තලාදැමීම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මෙවනවිටත් ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගේ ආණ්ඩුවේ සාමාජිකයින්ට සම්බාධක පනවා ඇත. නොවැම්බර් 7 මැතිවරණයට ඉදිරිපත් වීමට මෝරාගේ බලාපොරොත්තු සුන්වූයේ ඔර්ටේගා ඔහු සහ තවත් තරගකරුවන් හය දෙනෙකු මැයි සහ ජූනි මාසවල අත්අඩංගුවට ගෙන ඔර්ටේගාට නිතරගයෙන් තරග කිරීමට පරිසරය සැකසීමත් සමඟය. ඊට පෙර දින අඟහරුවාදා, ක්‍රීඩා ලේඛක සහ රජයේ විවේචක මිගෙල් මෙන්ඩෝසා හිටපු විදේශ අමාත්‍ය ෆ්‍රුන්සිස්කෝ ඇගුරේ සකාසා, ඒ සමාන චෝදනාවලට වරදකරු වූහ.