2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

ඇමරිකාවත් ලෝකෙටම ණයයි!

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 04:35 201

කොවිඩ් නිසා ණයකරුවන් බවට පත්ව ඇත්තේ අප වැනි දුප්පත් රටවල් පමණක් නොවේ. ලෝකයේ ලොක්කා තමන්ය කියාගත් අමෙරිකාවද මේ වනවිට චීනය ජපානය වැනි අලුත් සල්ලිකාර රටවලට ණය වී හමාරය. සුළුපටු මුදලක් නොව ට්‍රිලියන ගණනක මුදලකි.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව, එරට ජාතික ණය ප්‍රමාණය ඉකුත් 01දා වනවිට පළමු වතාවට ඩොලර් ට්‍රිලියන 30 ඉක්මවා ගියේය. 2019 අවසානයේ සිට පැතිර ගිය කිරීටක වෛරස් වසංගතය ඩොලර් ට්‍රිලියන 7ක ණය වැඩිවීමක් ලබා දී ඇත.

එක්සත් ජනපද ආණ්ඩුව රජයේ භාර අරමුදල් හරහා ඩොලර් ට්‍රිලියන 6 කට වඩා ණය ගෙවිය යුතු නමුත්, මුළු මුදලින් ඩොලර් ට්‍රිලියන 8 කට ආසන්න ප්‍රමාණයක් ජපානය, චීනය සහ අනෙකුත් විදේශීය ණය හිමියන්ට ගෙවිය යුතුය. 
සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීමට සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා වියදම් වැඩි කිරීමට උත්සාහ කළ ජනාධිපති බයිඩන්ගේ ඩොලර් ට්‍රිලියන 2ක බිල්ඩ් බැක් බෙටර් යෝජනාව පිළිබඳ සාකච්ඡා ඇණහිටීමට මේ හිඟ ණය සාධකයක් විය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00