ලොව සමාජ මාධ්‍ය දැවැන්තයා ලෙස ප්‍රකට ෆේස්බුක්හි දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් වසර 18කට පසු පළමුවරට අඩුවී ඇත. එහි පරිශීලකයින් ගණන බිලියන 3කට ආසන්න වුවත් මේ වනවිට එහි දෛනික ක්‍රියාකාරී පරිශීලකයින්ගේ ගණන අඩුවෙමින් පවතින බව වාර්තා වී ඇත. ෆේස්බුක් හෙවත් දැන් කියන ආකාරයට මෙටා සමාගම පැවසුවේ 2021 වසරේ අවසන් කාර්තුවේදී දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් ගණන බිලියන 1.929ට අඩුවී ඇති බවත් 2020 වසරේ අවසන් කාර්තුවේදී එම අගය බිලියන 1.930ක්.ව තිබී ඇති බවත්ය. ලොව සමාජ මාධ්‍ය දැවැන්තයා ලෙස ප්‍රකට එය පසුගිය කාර්තුවේදී ඩොලර් බිලියන 33.67ක ආදායමක් උපයා ඇති අතර එය පෙර වසරට වඩා සියයට 20 ක වැඩිවීමකි. නමුත් දැන් ෆේස්බුක් නොහොත් දැන් හඳුන්වන මෙටා, එහි සමාජ මාධ්‍ය ආධිපත්‍යයට එරෙහි සැබෑ අභියෝගයකට මුහුණ දී සිටියි. එම ප්‍රවෘත්තිය පළවීමත් සමගම නිව් යෝර්ක් කොටස් වෙළෙඳපොළෙහි මෙටා සමාගමේ කොටස් මිල 20%කින් අඩුවී තිබෙන අතර සමාගමේ කොටස් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 200කින් පමණ කඩා වැටී ඇත.
ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පැවසුවේ විශේෂයෙන්ම තරුණ පිරිස් අනෙකුත් සමාජ මාධ්‍ය ජාල වන ටික්ටොක් සහ යූටියුබ් වෙත යොමුවීම හේතුවෙන් මෙටා සමාගමේ වෙළෙඳ ආදායම අඩුවෙමින් ඇති බවය. තවද ඉන්දියාවේ අන්තර්ජාල දත්ත මිල ඉහළ යාමද එයට බලපෑ බව ඔහු සඳහන් කළේය. ෆේස්බුක් හට එහි විශාලතම වෙළඳපොළ වන ඉන්දියාවේ ආසන්න වශයෙන් මිලියන 350ක පරිශීලකයින් සිටී.