2022 ජනවාරි 29 වන සෙනසුරාදා

කාන්තාවන්ට මුම්බායි පොලිස් විශේෂ සංචිතයක්

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 88

කාන්තාවන්ට එරෙහි ලිංගික අතවර සහ වෙනත් අපරාධ වැළැක්වීම සඳහා මුම්බායි පොලිසිය කාන්තා නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ සංචිතයක් අරඹා ඇත. මුම්බායි පොලිස් කොමසාරිස් කාර්යාලයේ පැවති වැඩසටහනකදී මහාරාෂ්ට්‍ර අමාත්‍ය දිලිප් වල්සේ පටිල් මහතා ඉදිරියේ නිල වශයෙන්  ඇරැඹුණු මෙම සේවාව නොපමාව ලබා දීම සඳහා ‘103’ උපකාරක දුරකථන අංකය ක්‍රියාත්මක කර ඇත.

සෑම පොලිස් ස්ථානයකම පිහිටුවා ඇති මේ කණ්ඩායමට කාන්තා සහකාර පොලිස් පරීක්ෂකවරියක් හෝ උප පොලිස් පරීක්ෂකවරියක්, කාන්තා කොස්තාපල්වරියක්, පිරිමි කොස්තාපල්වරයෙක් සහ රියදුරෙකුගෙන් සමන්විත වේ. සෑම පොලිස් ස්ථානයකම (Mobile-5) රථය මෙම සංචිතයට පවරා ඇත. “බිය නොවන්න, නිර්භය වන්න යනුවෙන්  වූ මේ ගැන දැනුවත් කිරීමේ ව්‍යාපාර සඳහා කෙටි චිත්‍රපටයක් අමිතාබ් බච්චන් සහ චිත්‍රපට නිෂ්පාදක රෝහිත් ෂෙට්ටි සමඟ සහයෝගයෙන් නිර්මාණය කර නිකුත් කර ඇත.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00