2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ගුවාම් දූපතේ බලවත්ම ආයුධයක්!

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 51

ඉන්දු පැසිෆික් කලාපයේ ඉහළ යමින් ඇති දැඩි ආරක්ෂක ආතතිය මැද එක්සත් ජනපද නාවික හමුදාවේ අවි ගබඩාවේ ඇති බලවත්ම ආයුධවලින් එකක් ඉකුත් සති අන්තයේ ගුවාම් දූපතේ වරාය වෙත ළඟා විය.

ට්‍රයිඩන්ට් බැලස්ටික් මිසයිල 20ක් සහ න්‍යෂ්ටික යුධ හිස් දුසිම් ගණනක් රැගත් ඔහියෝ පන්තියේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් වන යූඑස්එස් නෙවාඩාය.  එක්සත් ජනපද පැසිෆික් දූපත් ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරට ළඟාවූ එය 2016 සිට ගුවාම් වෙත පැමිණි ප්‍රථම බැලස්ටික් මිසයිල සබ්මැරීනයයි. එසේම මෙය 1980 ගණන්වල සිට සිදු වූ දෙවැනි සංචාරයයි.

මෙම සබ්මැරීනය කලාපය වෙත පැමිණිම  එක්සත් ජනපදය සහ කලාපයේ මිත්‍ර රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කරන්නක් වන අතර, එක්සත් ජනපදයේ හැකියාව, නම්‍යශීලී බව, සූදානම සහ ඉන්දු-පැසිෆික් කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා ඇති අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරන බව එක්සත් ජනපද නාවික හමුදා ප්‍රකාශයෙක් කියා තිබුණි. නාවික හමුදාව පවසන්නේ ඔහියෝ පන්තියේ මෙම සබ්මැරීන නඩත්තු කිරීම සහ නැවත ඉන්ධන පිරවීම සඳහා වරායේ මාසයක් පමණ ගත කිරීමට පෙර සාමාන්‍යයෙන් දින 77 පමණ මුහුදේ රැඳී සිටීමට සමත් බවයි. න්‍යෂ්ටික ඉන්ධන බලය නිසා දිය යට මේ තරම් දිගුකලක් ගතකිරීමේ හැකියාව ඒවා සතුය.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00