2022 ජනවාරි 15 වන සෙනසුරාදා

කසකස්ථානයේ මාරාන්තික තෙල් සටනක්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 88

ඉන්ධන සහනාධාරය ඉවත්කිරීම හේතුවෙන් කසකස්ථානයේ ආරම්භ වූ උද්ඝෝෂණ නිසා විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇත. එරට සෞඛ්‍ය අංශ පැවසුවේ මේ දක්වා 166කට වැඩි පිරිසක් මරණයට පත්වී ඇති බවය.

මේ දක්වා උද්ඝෝෂකයින් සහ රජයේ ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් විදෙස් ජාතිකයින්ද ඇතුළු තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති ගණන 6,000කට අධිකය.

පසුගිය ජනවාරි 02 වැනිදා ඇරඹි කලබලකාරී සිදුවීම් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දක්වා කෙටි කලකින් පැතිර ගිය අතර දශක තුනක් පමණ එරට පාලනය කළ හිටපු ජනාධිපති නුර්සුල්තාන් නසර්බයෙව්ද එම උද්ඝෝෂණ පිටුපස සිටිතැයි මත පළවිය. රට තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කසකස්ථාන බලධාරීන් විසින් රුසියාවේ සහාය ඉල්ලූ අතර රුසියානු භට කණ්ඩායම් කිහිපයක්ද මේ වනවිට එරටට යවා තිබේ

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00