2022 ජනවාරි 15 වන සෙනසුරාදා

අවුන් සාන් සූකීට තවත් වසර 4ක්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 80

මියන්මාරයේ බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සූ කී සාපරාධී චෝදනා තුනකට වරදකරු කරමින් එරට හමුදා අධිකරණයක් ඇයට තවත් වසර 04ක සිර දඬුවමක් නියම කර තිබේ.

හමුදා පාලනය යටතේ පවතින මියන්මාර අධිකරණය මෙලෙස සිව් වසරක සිර දඬුවම් විඳින සූ කීට එලෙස තවත් සිව් වසරක සිර දඬුවම් නියම කර ඇත්තේ, බලපත්‍ර රහිතව සන්නිවේදන උපකරණ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකාරිය කරමිනි.

වෝකි ටෝකි ළඟ තබාගෙන අපනයන – ආනයන නීතිය උල්ලංඝණය කිරීම හා තවත් සංඥා කට්ටලයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සූ කීට වසර 2ක සිර දඬුවමක්  නියම කර ඇති අතර ඉතිරි වසර දෙකේ සිර දඬුවම ලබා දී ඇත්තේ, කොරෝනා වසංගතයට අදාළ ආපදා කළමනාකරණ නීතිය කඩ කිරීමේ චෝදනාවටයි.

අවුන් සාන් සූ කී චෝදනා කිහිපයකට වරදකාරිය කරමින් පසුගිය දෙසැම්බර් මාසයේදී සිරගත කෙරුණු අතර එහිදීද ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කෙරිණ. ඒ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී උසිගැන්වීම් සහ කොරෝනා නීති කඩ කිරීම සම්බන්ධයෙනි. නව තීන්දුව ප්‍රකාශයට පත් වූ සූ කීට එරෙහි දෙවැනි නඩු විභාගය වාර්තා කිරීම සඳහා මාධ්‍යයට අවසර හිමි නොවූ අතර සූ කීගේ නීතිඥයින්ට මාධ්‍ය සහ ජනතාව සමඟ සන්නිවේදනය කිරීමද තහනම් කර තිබේ. නොබෙල් ත්‍යාගලාභී 76 හැවිරිදි සූ කී ඇයට එල්ලවී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ ආධාරකරුවන් පවසන්නේ ඇයට එරෙහි නඩු පදනම් විරහිත බවත්, හමුදා පාලනය සූ කීගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට සැලසුම් මෙලෙස ක්‍රියාත්මක කර ඇති බවත්ය.

පසුගිය 2021 වසරේ පෙබරවාරි පළමුවැනිදා හමුදා කුමන්ත්‍රණයකින් පසු සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ දේශපාලන නායකයින් සිය භාරයට ගත් හමුදා පාලකයින් පසුව ඇය රක්ෂිත බන්ධනාගාරගත කළේය. 2011 වසරේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රවේශයකට පිවිසෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේද හමුදා පාලනයක් වන අතර අවුන් සාන් සූ කී නෙරපීමෙන් පසු නැවතත් මියන්මාරය තුළ ක්‍රියාත්මක වන්නේ, හමුදා පාලනයකි.

මියන්මාරයේ බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සූ කී සාපරාධී චෝදනා තුනකට වරදකරු කරමින් එරට හමුදා අධිකරණයක් ඇයට තවත් වසර 04ක සිර දඬුවමක් නියම කර තිබේ.

හමුදා පාලනය යටතේ පවතින මියන්මාර අධිකරණය මෙලෙස සිව් වසරක සිර දඬුවම් විඳින සූ කීට එලෙස තවත් සිව් වසරක සිර දඬුවම් නියම කර ඇත්තේ, බලපත්‍ර රහිතව සන්නිවේදන උපකරණ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකාරිය කරමිනි.

වෝකි ටෝකි ළඟ තබාගෙන අපනයන – ආනයන නීතිය උල්ලංඝණය කිරීම හා තවත් සංඥා කට්ටලයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සූ කීට වසර 2ක සිර දඬුවමක්  නියම කර ඇති අතර ඉතිරි වසර දෙකේ සිර දඬුවම ලබා දී ඇත්තේ, කොරෝනා වසංගතයට අදාළ ආපදා කළමනාකරණ නීතිය කඩ කිරීමේ චෝදනාවටයි.

අවුන් සාන් සූ කී චෝදනා කිහිපයකට වරදකාරිය කරමින් පසුගිය දෙසැම්බර් මාසයේදී සිරගත කෙරුණු අතර එහිදීද ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කෙරිණ. ඒ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී උසිගැන්වීම් සහ කොරෝනා නීති කඩ කිරීම සම්බන්ධයෙනි. නව තීන්දුව ප්‍රකාශයට පත් වූ සූ කීට එරෙහි දෙවැනි නඩු විභාගය වාර්තා කිරීම සඳහා මාධ්‍යයට අවසර හිමි නොවූ අතර සූ කීගේ නීතිඥයින්ට මාධ්‍ය සහ ජනතාව සමග සන්නිවේදනය කිරීමද තහනම් කර තිබේ. නොබෙල් ත්‍යාගලාභී 76 හැවිරිදි සූ කී ඇයට එල්ලවී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ ආධාරකරුවන් පවසන්නේ ඇයට එරෙහි නඩු පදනම් විරහිත බවත්, හමුදා පාලනය සූ කීගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට සැලසුම් මෙලෙස ක්‍රියාත්මක කර ඇති බවත්ය.

පසුගිය 2021 වසරේ පෙබරවාරි පළමුවැනිදා හමුදා කුමන්ත්‍රණයකින් පසු සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ දේශපාලන නායකයින් සිය භාරයට ගත් හමුදා පාලකයින් පසුව ඇය රක්ෂිත බන්ධනාගාරගත කළේය. 2011 වසරේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රවේශයකට පිවිසෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේද හමුදා පාලනයක් වන අතර අවුන් සාන් සූ කී නෙරපීමෙන් පසු නැවතත් මියන්මාරය තුළ ක්‍රියාත්මක වන්නේ, හමුදා පාලනයකි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00