2022 ජනවාරි 15 වන සෙනසුරාදා

චීනයේ දිගම දිය යට මහමග විවෘත වෙයි

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 214

වසර හතරකට ආසන්න ඉදිකිරීම්වලින් පසු චීනයේ දිගම දිය යට මහා මාර්ග උමං මාර්ගය දැන් වාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇත.

කිලෝමීටර් 10.79 (සැතපුම් 6.65) දිගකින් යුතු මෙම  තයිහූ උමග ෂැංහයි සිට කිලෝමීටර් 50ක් පමණ නැගෙනහිරින් චීනයේ ජියැංසු පළාතේ ටයිහු විල යටින් විහිදී යයි. මෙම උමග ඉදිකරන්නට  යුවාන් බිලියන 9.9ක් (ඩොලර් බිලියන 1.56ක් පමණ) වැයකර ඇත. ඉදිකිරීම් 2018 ජනවාරි 9 වැනි දින ආරම්භ විය.

මංතීරු හයකින් සහ මීටර් 17.45ක පළලකින් යුත් මෙම ද්විත්ව උමං මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් ඝන මීටර් මිලියන 2කට අධික ප්‍රමාණයක් යොදාගෙන ඇති බව වාර්තා වෙයි. මෙම උමගෙහි සිවිලිම වර්ණවත් LED විදුලි පහන් වලින් සරසා ඇත්තේ රියදුරන්ගේ තෙහෙට්ටුව වැළැක්වීම සඳහාය.

මෙම උමග 2021 දෙසැම්බර් 30 වැනි දින මහජනතාව සඳහා විවෘත කරන ලද කිලෝමීටර 43.9ක් වන චැන්ග්ෂො-වුක්සි අධිවේගී මාර්ගයේ කොටසකි. එය ජියැන්ග්සූ  අගනුවර වන ෂෑන්ග්හයි සහ නැන්ජිං අතර ගමන් කරන සංචාරකයින් සඳහා විකල්ප අධිවේගී මාර්ගයක් ලෙස යොදාගත හැක.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00