2022 ජනවාරි 08 වන සෙනසුරාදා

චීනය ආසියාවේ රජකරවන නව වෙළඳ සම්මුතියක්

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

පැසිෆික් කලාපයේ ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, ආසියාන් සංවිධානයේ රටවල් 10ක් සමග චීනය එක්වී 2020 නොවැම්බර් අත්සන් කරන ලද කලාපීය ආර්ථික සහයෝගීතාවය (RCEP) බලාත්මක කිරීම මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ආරම්භ විය. ලෝකයේ සමස්ථ දළ ජාතික නිෂ්පාදනයෙන් 30%ක් හා ජනගහණයෙන් 30%ක් නියෝජනය කරන මෙම නව වෙළදපළ මගින් ඩොලර් බිලියන 164ක ආදායමක් 2030 වනවිට උපයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව වෙළඳ සම්මුතිය පණගැන්වීමත් සමග චීනය ආසියාව තුළ දැවැන්ත ආර්ථික යෝධයෙක් බවට පත්වනු ඇත්තේ තම සේද මාවත් ව්‍යපෘතිය තවදුරටත් විස්තාරණය කරමින් බව දේශපාලන විශාරදයින් මේ අතර පෙන්වා දෙති. කලාපය තුළ චීනය හුදකලා කිරීම ඉලක්ක කරමින් ඇමරිකන් මිලිටරි සන්ධානය ලෙස සැලකෙන QUAD සම්මුතියට අත්සන් කල රටවල් වන ජපානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව අතර ඇමරිකාව සමග ඇතිවූ සම්බන්ධතාවය බිඳ දැමීමටද මෙමගින් චීනයට හැකිවෙන බව ඔවුන් පෙන්වා දෙති.

මෙම නව වෙළඳ ගිවිසුම මගින් අදාළ සාමාජික රටවල් තුල වෙළඳ භාණ්ඩ සඳහා මේ දක්වා අය කරනු ලැබූ බදු ගාස්තු වසර 20ක කාලයක් සඳහා 90%කින් කපා හරිනු ඇත. එසේම වෙළඳ භාණ්ඩ, සේවා, බුද්ධිමය දේපළ, විදුලි උපකරණ හා තරඟකාරීත්වය වැනි කේෂ්ත්‍ර සඳහා පොදු රීතින් සම්පාදනය කරනු ලබනු ඇත. නමුත් පරිසරය, කම්කරු ශ්‍රමය, බුද්ධිමය දේපල, රාජ්‍ය ආධාර සම්බන්ධයෙන් කිසිදු නීතියක් බලෙන් පැනවීමක් සිදු නොවනු ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00