2022 ජනවාරි 01 වන සෙනසුරාදා

පුටින් ගොරවයි නේටෝ පසුබසියි!

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 252

පසුගිය සතිය පුරා යුක්රේනය අවට රුසියානු හමුදාවේ ලක්‍ෂයක් රඳවමින් රුසියානු ජනාධිපති පුටින් පැවසුවේ සෝවියට් දේශය බිඳවැටෙද්දී නේටෝව විසින් අත්සන් කරනු ලැබූ ගිවිසුම් තුනක් මගින් පොරොන්දු වූ පරිදි නේටෝවට නැගෙනහිර යුරෝපයේ, බෝල්ටික් රටවල් හා යුක්රේනය ඇතුළු කරගැනීමේ උත්සාහය අතහැර නොදැමුවහොත් මිලිටරි විසඳුමක් ලබාදීමට කිසිසේත් පසුබට නොවන බවයි. මෙම අනතුරු හැඟවීම මුලදී නේටෝව ප්‍රතික්‍ෂේප කළද පසුව ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබා දී රැසියාවේ ඉල්ලීමට හිස නැවීමට තීරණය කර ඇති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු සෝවියට් නායක මිහයිල් ගොර්බචෝව් මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියේ ඇමරිකාවේ උඩඟු ස්ථාවරය තමන් හෙළාදකින බවයි. මේ වනවිට වයස 90 වැනි වියේ පසුවන හිටපු සෝවියට් නායකයා තවදුරටත් පවසා සිටියේ නේටෝ පාලකයින් තමන් සමග එකඟතාවයට පැමිණයේ ලෝක සාමය වෙනුවෙන් කැපවෙන බවත් සීතල යුද්ධය අවසාන කරන බවටත් සහතික වෙමින් බවය. තවදුරටත් නේටෝවේ සාමාජිකයින් සංඛ්‍යාව විශාල කරමින් අධිරාජ්‍යයක් ගොඩනැගීමේ ඇමරිකානු හා බටහිර උත්සාහය එජා සංවිධානයේ ප්‍රඥප්තිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් යැයි ගොර්බචෝව් කියා තිබුණි.

රුසියාවේ වර්තමාන නායක ජනාධිපති ව්ලදිමීර් පුටීන්ට අනුව 20 වැනි සියවසේ සිදුවූ දැවැන්තම භූගෝලීය ඛේදවාචකය සෝවියට් දේශය බිඳවැටීමය. ඒ සම්බන්ධයෙන් රුසියානුවන්ගෙන් චෝදනා එල්ලවන්නේ සෝවියට් දේශයේ අවසාන රාජ්‍ය නායක මිහයිල් ගොර්බචොව් වෙතය. සෝවියට් දේශය බිඳවැටීම සම්බන්ධයෙන් රැසියානු ජනතාවගෙන් 70%ක පමණ ප්‍රතිශතයක් පවසා සිටිනුයේ අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ඇතුළු ප්‍රධාන මානව අවශ්‍යතා නොමිලේ ලබාදුන් එවැනි යුගයක් තමන් මීට පෙර අත්නුදුටු බවයි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00