2022 ජනවාරි 01 වන සෙනසුරාදා

කාන්තා අයිතියට මැති ඇමැති ගැටුමක් !

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 30

කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබාදෙන විධිවිධානයක් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැති විවාදයකදී ජෝර්දාන පාර්ලිමේන්තුවේ ගැටුමක් හටගෙන ඇත. ජෝර්දාන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන විවාදයක් පවතින අතරතුර මහජන නියෝජිතයන් අතර ඇති වූ එම ගැටුම එරට රූපවාහිනියේ සජීවීව විකාශය වී තිබේ.

මේ සංශෝධනය ප්‍රයෝජනයක් නැති බවට ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇති අතර, එරට පාර්ලිමේන්තුවේ එවැනි ආකාරයේ ගැටුමක් සිදුවූ පළමු අවස්ථාව එය බවත් වාර්තා වේ.