2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

චිලියේ මහ පුටුවට තරුණ රතු ලේ

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 40

ලොව සිටින අඩු වයසැති දේශපාලන නායකයා චිලියේ ජනාධිපති ධුරයට පත්ව තිබේ. ඔහු වාමාංශිකයෙක් ලෙස ප්‍රකට ගේබ්‍රියල් බොරික්ය.

දක්ෂිණාංශික ජොසේ අන්තෝනියෝ කාස්ට් අභිබවා යෑමට ඔහු සමත් වී තිබුණි. එහිදී 90%කට වඩා වැඩි ඡන්ද ගණන් කිරීම්වලට අනුව බොරික් හට 56%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබේ. එසේම ඔහුගේම ප්‍රතිවාදියා වන ජොසේ අටෝනියෝ හට 44%ක ප්‍රතිශතයක් හිමිව තිබේ.

මෙලෙස ජනපතිවරණය ජයග්‍රහණය කරන අවස්ථාව වනවිට බොරික් 35 හැවිරිදි වියේ පසුවිය. ඒ අනුව ඔහු චිලියට තේරී පත් වූ ලාබාලතම ජනපතිවරයා ලෙසින්ද ඉතිහාසයට එක්ව තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පෙරාතුව බොරික් එරට සිසු ව්‍යාපාරවල නායකයෙකු ලෙසද කටයුතු කර තිබේ. ඔහු 2014 වසරේදී එරට කොංග්‍රස් මණ්ඩලය වෙත තේරී පත්විය. සිය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය අමතා ඇති බොරික්, “සියලුම චිලී වැසියන්ගේ ජනාධිපතිවරයා බවට මම පත්වෙනවා.” යනුවෙන් පවසා තිබේ. එසේම මැතිවරණයෙන් පරාජයට පත්වූ අන්ටෝනියෝ කාස්ට් දුරකථනය හරහා බොරික් අමතමින්, ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව සුභපැතුම් එක්කර ඇතැයිද චිලී මාධ්‍ය සඳහන් කරයි. 

එසේම ධුරයෙන් ඉවත්ව යන චිලියේ ජනාධිපති සෙබස්තියන් පිනෙරාද නව ජනපති ලෙස තේරීපත්වී ඇති බොරිස් වෙත සුභපැතුම් එක්කර ඇත. චිලියේ ජනාධිපතිවරණයේ පළමුවටය පසුගිය මාසයේදී පැවැත්වූ අතර, එහිදී බොරික් පරාජයට පත් කරමින් කාස්ට් ජයග්‍රහණය කළේය. එහෙත් එහිදී පැහැදිලිවම බහුතර ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට අපේක්ෂිකයන්ගෙන් කිසිවෙකුටත් අවස්ථාවක් හිමි නොවීමත් සමඟම පසුගිය ඉරිදා යළිත් වරක් එම ඡන්ද විමසීම පැවැත්වුණි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00