2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

ජේඩ් පතලක 100ක් අතුරුදන්!

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 228

උතුරු මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ ජේඩ් මැණික් පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයින් සියදෙනෙකු පමණ අතුරුදන්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 200ක් පමණ එහි සිටි බවත් එයින් සුළු පිරිසකට පමණක් දිවි ගලවා ගැනීමට හැකි වූ බව වාර්තාවේ. බ්‍රහස්පතින්දා වනවිට 6 දෙනෙක්ගේ සිරුරු සොයාගෙන තිබුණි.

පතලේ දෝනාවකට අසල්වැසි විලකින් ජලය ගලා ඒම නිසා අනතුර සිදුව ඇත. ජල පහරත් සමඟ කම්කරුවන් විලට ගසාගෙන ගිය බවට විශ්වාස කෙරේ. එම ජේඩ් මැණික් පතලෙහි අතුරුදන් වූ බොහෝ පුද්ගලයන් එහි නීති විරෝධී කැණීම් කටයුතු සිදු කරමින් සිටි අය බවත් ලොව විශාලතම ජේඩ් මැණික් ගල් ආකර පිහිටි මියන්මාරයේ බොහෝ පතල්වල වසරකට මෙවැනි අනතුරු බහුලව සිදුවන බවත් කියයි.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00