2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

රුසියාවත් අභ්‍යවකාශ සංචරණය අරඹයි!

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 89

රුසියාව අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයට නැවත එක්ව තිබේ.එ ජපන් ජාතික බිලියනපතියෙකු වන 46 හැවිරිදි යුසකු මෙසාවා (Yusaku Maezawa) ඔහුගේ සහායක යොසෝ හිරානෝ Yozo Hirano ‘සොයූස්‘ කැප්සියුලයක ආධාරයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා නැවත ගෙන්වා ගැනීමත් සමඟය. මෙය රුසියානු අභ්‍යවකාශ ආයතනයේ මෙහෙයවීම යටතේ සිදුකළ පළමු පෞද්ගලික ගගන සංචාරයයි.

රුසියන් ගගනගාමී ඇලෙක්සැන්ඩර් මිසුර්කින් මැදිහත් වීමෙන් මේ දෙදෙනාගේ අභ්‍යවකාශ ගමනට පාර කැපී ඇත. පසුගිය දෙසැම්බර් 08 වැනි දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණි ජපන් ජාතික බිලියනපතියා එහි සිට සිය මිලියන 1.5ක යූ ටියුබ් හි අනුගාමිකයින් අමතමින් තමන් දත් මදින ආකාරය, තේ පානය කරන ආකාරය සහ ශුන්‍ය ගුරුත්වාකර්ෂණ බලයෙන් නිදාගන්නා ආකාරය, බඳු දෛනික ජීවිතය ගතකරන ආකාරය විස්තර කළේය.