2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 139

70 වැනි විශ්ව රූ රැජින තරගාවලියේදී ඉන්දියාවේ පන්ජාබ් නුවර තරුණියක් වන හර්නාස් සන්දු විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට සමත් වුවාය. 

ඊශ්‍රායලයේ එපියාත් නුවර, ‘යුනිවර්ස් එරීනා’ රඟහලේ පැවති 2021 වසරේ විශ්ව රූ රැජින තරඟයේ මුල් තැන 21 හැවිරිදි හර්නාස් සන්දු  හිමි වීමත් සමඟ විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියකට හිමිවූ තෙවැනි අවස්ථාව ලෙස මෙය වාර්තා පොතට එක්විය. හර්නාස්ට පෙර විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියන් වන සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා දිනා ගැනීමට සමත් වූහ. ලාරා දත්තා විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳියේ 2000 වසරේදීය.

මෙවර විශ්ව රූ රැජින කිරුළ පැළැඳි හර්නාස් මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරන බව පැවසේ. රටවල් 80 ක සුරෑපිනියෝ විශ්ව රූ රැජින කිරුළ සඳහා මෙවර ඉදිරිපත්ව සිටියහ. මෙවර, විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පැරගුවේ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය නාඩියා ෆෙරෙයිරාටත් තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලලිලා ස්වනේටත් හිමිවිය.