කොරෝනා වසංගත කාලයේ මාස 18ක් තුළ මිලියන 100ක ජනතාවක් රැකියා අහිමි වී දුප්පතුන් බවට පත්ව ඇත. ඒ අතර ලෝක ධනවතුන් ඩොලර් බිලියන 3500ක් සමස්ථ ප්රාග්ධනය ලෙස උපයා ඇත. මෙම කාලය තුළ. පෘථිවි ජනගහණයෙන් අඩකට ලෝක ආර්ථිකයෙන් හිමිවී ඇත්තේ 8.5%ක් පමණ බව පිටු 236කින් යුතු වූ World Inequality Lab නම් ප්‍රංශ ආර්ථික සංවිධානයක් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
එයින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසර 10ක කාලය සිට ලෝකය තුළ අසමානත්වය විශාල වශයෙන් ඉහළ ගොස් ධනවතුන් තවදුරටත් ධන කුවේරයන් බවට පත්වෙද්දී දුප්පතුන් අන්ත දරිද්‍රතාවයට පත් වී ඇති බවයි.
එයට අනුව 1995-2021 කාලය තුළ ලෝකයේ බිහිවී ඇති ධනවතුන් ප්‍රමාණය 520,000ක් ලෙස ගණන් බලා තිබේ. ඔවුන්ගේ ප්රාග්ධනය වසරකට 9.3%ක ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇත. ආර්ථිකයට රජයේ මැදිහත් වීම බිංදුව දක්වා පහළ බැස ඇති අතර බලවත් රාජ්‍යයන් පවා ණයකරුවන් බවට පත්කර ලෝක ප්‍රග්ධනය පාලනය කරනුයේ පුද්ගලික මුල්‍ය සමාගම් විසිනි. මෙම තත්වය කොරෝනා වසංගතය සමග ඉහළ ගොස් ඇති අතර රාජ්‍යයන් විසින් මෙම කාලයේදී ලබා ගන්නා ලද ණය ප්‍රමාණය අදාළ රටවල දළ ජාතික නිෂ්පාදනයෙන් 10-20% දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එසේම ලෝකයේ දුප්පත්කම ජනගහනය අනුව සැලකු විට එයින් 70%ක් කාන්තාවන් වේ. කාන්තාවන් හා පිරිමින් අතර වැටුප් පරතරය 19% ලෙස ගණන් බලා ඇත. කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා ගනු ලැබූ පියවර තුළ දියුණු වෙමින් පවතින රටවල තවමත් එන්නත්කරණය සිදුකර ඇත්තේ සෑම 500 දෙනෙකුටම එක් අයෙකු බැගිනි. රටවල් 196ක් පුරා එන්නත් මිලියන 733ක් ලබා දී ඇති අතර අධික දුගී භාවයෙන් පෙළෙන රටවල් 29ක් තුළ එන්නත්කරණය සිදු වී ඇත්තේ 0.2%පමණි. එය ලෝක ජනගහනයෙන් 9%ක් නියෝජනය කරනු ලැබීම සතුටු විය හැකි කාරණයක් නොවන බව වාර්තාව තවදුරටත් පෙන්වා දේ.