2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ටයිම් සඟරාවේ ’වසරේ පුද්ගලයා’ එලොන් මස්ක්

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 31

2021 සඳහා Time සඟරාව සිය “වසරේ පුද්ගලයා” ලෙස ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් නම් කර ඇත. මේ වනවිට ලොව වැඩිම කතාබහට ලක්ව ඇති චරිතය වන ඔහු ප්‍රකෝටිපතියෙකි.

එලොන් මස්ක් ඉපැදුනේ 1971 ජුනි 28 වෙනිදා දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේදීය. ඔහුගේ මව කැනේඩියානු ජාතික මෝස්තර ශිල්පිනියකි. පියා ඉංජිනේරුවෙකි. දරුවන් තුන් දෙනෙකුගෙන් සමන්විත වූ මේ පවුලේ එලොන් මස්ක්ට සහෝදරයෙකු හා සහෝදරියක සිටියි. කුඩා කළ සිටම නවෝත්පාදන කෙරෙහි සිත යොමුවුණ එලොන් මස්ක්, වයස අවුරුදු 10 දී පමණ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමට ඉගෙන ගත් අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 12දී ඔහුට ‘බ්ලාස්ටර්’ නැමති පරිගණක ක්‍රිඩාව නිර්මාණය කළේය. අවුරුදු 17 වනවිට (1989) අධ්‍යාපනය ලැබීමට කැනඩාව බලා ගොස් කූයින්ස් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන ඔහු, කැනේඩියානු පුරවැසිභාවයත් ලබාගනී. තවදුරටත්, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය වෙතද යොමුවන ඔහු පශ්චාත් උපාධිය ලබාගැනීමට කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අතර, තම පළමු ව්‍යාපාරය ඇරඹීම පිණිස ඔහු එයින් නික්මෙන්නේ 1992 දී යි.

‘ඉන්ටර්නෙට්’ කරලියට ඒමත් සමඟ තම සහෝදර කිම්බල් සමග  තමන්ගේ පළවෙනි ව්‍යාපාරය වන ZIP2 ඔහු අරඹයි. 1999 දී ZIP2 සමාගම කොම්පැක්ට් කොම්පියුටර්ස් (Compact Computers) ආයතනය විසින් මිලියන 307කට මිල දී ගත් අතර මස්ක්, ඉන් ලැබුණු මුදලින් එක්ස්කොම් (X.com) පටන් ගනී. අද මෙය හැඳින්වෙන්නේ පේපැල් (PayPal) හැටියටය. 2002 වසරේ ඔක්තෝබර් වනවිට තමන්ගේ පළවෙනි බිලියනය උපයන ඔහු තවත් නව ව්‍යාපාර කිහිපයක්ම ආරම්භ කළේය.

මස්ක් ඇරඹූ තුන්වැනි සමාගම SpaceX. නමැති අභ්‍යවකාශ තාක්ෂණ ආයතනය අද වනවිට නාසා ආයතනයටද සේවා සපයන ප්‍රමුඛ ආයතනයකි. මේ හැර ලොව වේගවත් මෝටර් රිය සහිත ටෙස්ලා සමාගම මෙන්ම මිත්‍රශීලී කෘතිම බුද්ධිය ප්‍රවර්ධනය කරන OpenAIද ඇරඹීය. ස්නායු තාක්‍ෂණ සමාගමක් වන Neuralink සහ උමං ඉදිකිරීම් සමාගමක් වන The Boring සමාගම මෙන්ම අධිවේගී ප්‍රවාහන පද්ධතියක් වන Hyperloop ද ඔහුගේ නව අදහස් මත ගොඩනැගුණු ඒවාය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00