හොංකොංහි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පළමු සහ දෙවැනි මහලේ ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් සිරවී තිබුණි. එය තට්ටු 40ක ගොඩනැඟිල්ලකි. වසර 50ක් පමණ පැරැණිය. ගින්න පැතිර ගොස් ඇත්තේ විදුලි මනු කාමරයේ සිට යැයි සැක කෙරේ.
14 දෙනෙකුට අනතුරු සිදුව තිබූ අතර ගින්නෙන් ඇතිවූ දුම ආඝ්‍රාණය කිරීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු රෝහල් ගත කර ඇත. ගිනි නිවීමේ සේවකයින් හදිසි ඉණිමං භාවිතා කරමින් ගොඩනැගිල්ලේ සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට පියවර ගත්හ. ඒ අනුව 1300කට ආසන්න පිරිසක් පිටතට ගෙන තිබුණි.
මහල් 38කින් යුත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ සිරවී සිටි පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් බේරා ගැනීමට සහන සේවකයින් පියවර ගෙන ඇති බවත් එහි 05 වැනි මහලේ සිරවී සිටින 100කට ආසන්න පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් වාර්තා විය.
මෙම ගින්න හටගෙන ඇති ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පහළ මහල් කිහිපයක මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් තිබී ඇත. මේ හේතුවෙන් ගිනි නිවන ජල නළ සහ ගිනි අනතුරු සංඥා ආදියද අක්‍රිය කර තිබී ඇත.