2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

සුකි නැවතත් හිරේ වැටෙයි!

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 25

හමුදාවට එරෙහිව විසම්මුතිය ඇති කිරීම සහ කොවිඩ් නීති කඩ කිරීමේ චෝදනා  යටතේ වරදකරු කළ මිලිටරි ජුන්ටාව විසින් බලයෙන් පහකර සිරගත කර සිටින අවුන්සාන් සුකීට වසර හතරක සිරදඬුවමක් පනවා ඇත. ඒ සම්බන්ධයෙන් වන නඩු විභාගය ඔවුන්ගේම අධිකරණයක් මගින් විමසා සුකී හට වසර 04ක සිර දඬුවම් නියම කර තිබේ. 505(b) වගන්තිය යටතේ වසර දෙකක සිරදඬුවමක් සහ ස්වභාවික ආපදා නීතිය යටතේ වසර දෙකක සිරදඬුවමක්” නියම කර ඇති බව හමුදා ජුන්ටාවේ ප්‍රකාශක ෂෝමින්  පැවසීය. සුකීට අමතරව හිටපු ජනාධිපති Win Myint ද එම චෝදනා යටතේම වසර හතරක් සිරගත කෙරුණි.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව සුකීට එරෙහිව ජුන්ටාව නිල රහස් පනත උල්ලංඝනය කිරීම, දූෂණය සහ මැතිවරණ වංචා ඇතුළු අනෙකුත් අධි චෝදනා රැසක් ඇයට එල්ල කර ඇති අතර එම නඩු තවම අවසන්ව නැත. ඒවාටද වරදකාරිය වුවහොත් ඇය දශක ගණනාවක් සිරගත වීමට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග දන්වා ඇත. හමුදාව විසින් ඉදිකරන ලද අගනුවර විශේෂ උසාවියේ නඩු කටයුතු මාධ්‍යවේදීන්ට තහනම් කර ඇති අතර සුකීගේ නීතීඥයින්ටද මාධ්‍ය වෙත අදහස් දැක්වීම් මෑතකදී තහනම් කරන ඇත.