2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ණයට හිලව් වූ ගුවන් තොටුපොළ!

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 220

උගන්ඩාවේ ප්‍රධානතම ගුවන්තොටුපොළ චීනය විසින් අත්පත් කරගනු ලැබ ඇත. ඒ ලබාගත් ණය මුදලක් පියවීමට අපොහොසත් වීම හේතුවෙනි. මේ අනුව සුප්‍රකට එන්ටැබේ ගුවන් තොටුපොළ දැන් චීනය සතුය.

එම ණය ගිවිසුමේ සඳහන් තම රටට අහිතකර කොන්දේසි ඉවත් කරගැනීම සඳහා චීන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියෝජිතයන් පිරිසක් බීජිං නුවරට යැවීමට පියවර ගත් බව උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසේවෙනි ප්‍රකාශ කර තිබුණි. එසේ වුවද ණය මුදල ආපසු ගෙවීමේ කොන්දේසි ඇතුළත් ණය ගිවිසුම සංශෝධනය කිරීමට හෝ එහි කිසිදු වෙනසක් කිරීමට චීන බලධාරීන් ඉඩදී නැති බැවින් එම සාකච්ඡා අසාර්ථක වී ඇත. මේ හේතුවෙන් උගන්ඩාවට අයත් එකම ගුවන්තොටුපොළ අහිමි වී ගියේය.

එන්ටෙබේ අන්තර්ජාතික ගුවන්තොටුපොළ සහ උගන්ඩාවේ සෙසු වත්කම් ඒ අනුව චීනයට පවරා දීමට සිදු වූ අතර, ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීමෙන් පසු නැවත ගුවන්තොටුපොළ භාරදීමට චීනය එකඟ වී ඇත.