ගෝලීය මත්ද්‍රව්‍ය සමීක්ෂණ වාර්තාවකට අනුව ප්‍රතිශතයක් ලෙස ගත්විට පසුගිය වසරේදී ලොවපුරා වැඩිම මත්පැන් ප්‍රමාණයක් භාවිත කර ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් බව අනාවරණය වී ඇත. දීර්ඝ කාලයක් රට ලොක්ඩවුන් කර තිබීම හමුවේ වැඩි පිරිසක් නිවාසවලට වී සිටීම ඊට හේතුව බවයි එම ගෝලීය මත්ද්‍රව්‍ය සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
රටවල් 22ක පුද්ගලයන් 32,000කට වැඩි පිරිසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණි. එමගින් හෙළිවී ඇත්තේ වසරකදී එක් ඕස්ට්‍රේලියානුවෙකු පමණ ඉක්මවා බීමත්ව සිටින අවස්ථා ගණනේ සාමාන්‍යය 27%ක් වන බවය.
එහෙත් ගෝලීයව සැලකීමේදී එය සටහන් වන්නේ 15%ක් ලෙසයි. මෙම සමීක්ෂණයට අනුව දෙවැනි සහ 03 වැනි ස්ථානවලට පිළිවෙළින් පත්ව තිබුණේ ඩෙන්මාර්කය සහ ස්වීඩනයයි.