2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

අන්තර්ජාලෙත් හිතූ තරම් වැඩ නෑ!

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 100

2021 වසර වනවිට ලෝකයේ බිලියන 4.9ක ජනතාවක් අන්තර්ජාලය භාවිතා කරන බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි. ඒ 2021 වර්ෂය වනවිට සමස්ත ලෝක ජනගහනයෙන් 37%ක්, එනම් බිලියන 2.9ක ජනතාවකට තවමත් අන්තර්ජාලය සඳහා පහසුකම නොමැති බව අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම අප්‍රිකානු කලාපය තුළ ජීවත්වන ජනතාවගෙන් 30%කට පමණ කුමන ආකාරයක හෝ අන්තර්ජාල ප්‍රවේශයක් නොමැති බව මේ අනාවරණය කියයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය වන “ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය” (ITU) මෙම අනාවරණය සිදුකර ඇත.

මෙලෙස අන්තර්ජාලය පහසුකම අහිමි වී ඇති බිලියන 2.9ක ජනගහනයෙන් 96%ක්ම තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව බව එයින් පෙන්වා දෙන අතර, අන්තර්ජාල පහසුකම් ඇති බිලියන 4.9ක් වූ ජනගහනයෙන් බහුතරයකට පවා ඒ සඳහා ඇත්තේ සීමිත ප්‍රවේශයක් බව සඳහන්ය. ඒ වගේම ජනගහනයෙන් වයස අවුරුදු 15-24 අතර පසුවන්නන්ගෙන් 71%ක් අන්තර්ජාලය භාවිතා කරන බවත් අනෙක් සියලුම වයස් මට්ටම්වල අයගෙන් 57%ක් පමණක් අන්තර්ජාලය භාවිතා කරන බවද මෙයින් හෙළි වී ඇත.