2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

මිසයිල මැද ලෝකයම දෙපිලකට!

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 103

පසුගිය අගෝස්තු මාසයේදී චීනය විසින් ඇමරිකාවේ හා රුසියාවේ තාක්‍ෂණයද ඉක්මවා යන DF-17නමින් නව සුපර්සොනික් මිසයිලයක් අත්හදා බලා තිබේ. මෙම මිසයිලයේ විශේෂත්වය වනුයේ ගුවනේදී අවශ්‍ය වුවහොත් තවත් මිසයිලයක් එයින් මුදාහැර වෙනත් දිශාවක ඉලක්කයක් කරා යැවීමේ හැකියාවයි. මෙම නව මිසයිල සොයාගැනීමත් සමඟම ඇමරිකානු පෙන්ටගනය පමණක් නොව රැසියාවද යම් තිගැස්සමකට ලක් වී  තිබුනි.

චීනය විසින් අත්හදා බැලූ මෙම සුපර්සොනික් මිසයිලය රැසියාවට හා ඇමරිකාවටත් නොමැති බව පෙන්ටගනයේ රහසිගත වාර්තාවක් පසුගිය සතියේ තහවුරු කිරීමෙන් පසුව නොවැම්බර් 29 වැනිදා රුසියාව විසින්ද එයට පිළිතුරු ලෙස නවතම ZIRCON වර්ගයේ සුපර්සොනික් මිසයිලයක් ආර්ක්ටික් කලාපයේ සුදු මුහුදට එල්ල කර ඇත. මෙම මිසයිල අත්හදා බැලීම බටහිර සෙසු ජාතීන් හා ඇමරිකාව හෙළා දැක ඇත්තේ රැසියාව හා චීනය නැවතත් ලෝකය සීතල යුද්ධයකට කැඳවාගෙන යාමට උත්සහ කරන බව පවසමිනි.

ඇමරිකාවේ අභ්‍යවකාශ මෙහෙයුම් සම්බන්ධ අංශයේ උප අධ්‍යක්‍ෂක David Thompson නොවැම්බර් 20 වැනිදා කැනඩාවේ ජාත්‍යන්තර ආරක්ෂක සමුළුවකදී පැවසුවේ රුසියාවේ හා චීනයේ අභ්‍යවකාශය තුළ හා පෘථිවිය වටා ගමන් කළ හැකි මෙම සුපර් සොනික් මිසයිල තාක්ෂණය තම රට සතුව නොමැති බවයි. චීනයෙන් හා රුසියාවෙන් එල්ල වන මෙම නව අභියෝගයට මුහුණ දීම සඳහා ඇමරිකාව හා නේටෝව සූදානම් විය යුතු බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය. මේ වනවිට වරින්වර සිදුවන මිසයිල අත්හදා බැලීම් අභ්‍යවකාශය දක්වා ඇදී ගොස් ඇති තත්ත්වය සලකා බලන විට ලෝකය නේටෝව හා  චීන-රුසියානු මිලිටරි අක්ෂය අතර දෙපිල බෙදීයාමක් සිදුව ඇති බව තහවුරුව තිබේ. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00