මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් හේතුවෙන් කම්පාලා අගනුවර ඉකුත්දා කම්පා වී ගියේය. අගනුවර පිහිටි උගන්ඩාවේ පාර්ලිමේන්තු සංකීර්ණය හා පොලිස් මූලස්ථානය අසල මෙම ජීව බෝම්බ පිපිරීම් සිදුව ඇත.
ප්‍රහාරය සඳහා යතුරුපැදිකරුවන් තිදෙනෙකු පැමිණ තිබේ. ඔවුන් පාර්ලිමේන්තුව හා පොලිස් මූලස්ථානය අසල සිය යතුරුපැදි පුපුරුවා හැර ඇත. ප්‍රහාරවලින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලබා ඇති පුද්ගලයින් ගණන 30 කට අධිකය. ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව හා තුවාලකරුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වෙයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ එක් බෝම්බකරුවෙකු සිය යතුරුපැදිය පුපුරවා ගැනීමෙන් අනතුරුව මිනිත්තු 03ක් වැනි කාලපරාසයක් තුළදී අනෙක් බෝම්බකරැවන් දෙදෙනාද යතුරුපැදි බෝම්බ පුපුරවා ගත් බවයි.
ප්‍රහාරය සඳහා පැමිණි තවත් බෝම්බකරුවෙකු උගන්ඩා ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් සිය භාරයට ගෙන තිබේ. බෝම්බකරු සතුව තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්ද ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.
මේ අතර කම්පාලා අගනුවර විවිධ ස්ථානවලින් තවත් ජීව බෝම්බ කිහිපයක්ම ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත. මේ වනවිට ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් විසින් භාරගෙන තිබේ.