ලොව වායු දූෂණය වැඩිම නගරය ලෙස සැලකෙන ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය, මෙ වනවිට අතිශය අවදානම් තත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගියදා පැවති දීපාවලි උත්සවයෙන් අනතුරුව එම ප්‍රදේශය විෂ දුමාරයකින් වැසී ගියේය. එම නිසා නගරයේ දෛනික වැඩකටයුතු රැසක් අත්හිටුවා ඇත. නගරයේ පාසල් දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු ලබන 21 දක්වා අත්හිටුවා තිබේ. එසේම, නගරයේ ගල් අඟුරු බලාගාර 11න්, 6ක්ම වසා දමා ඇත. අත්‍යවශ්‍ය නොවන ලොරි රථවලට නගරයට ඇතුළුවීමද තහනම් වේ.
දීපවාලි උත්සවයෙන් අනතුරුව දිල්ලි අගනුවර වායු දූෂණය විශාල ලෙස ඉහළ ගිය අතර නගරයේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ඇති දූෂකකාරක අංශු ප්‍රමාණය, ඒකකයට අංශු 400ක් දක්වා ඉහළ අගයක් ගන්නා බව සඳහන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව එය තිබිය යුතු වන්නේ 50ට අඩුවෙනි.