2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

බුකර් සම්මානය ද ප්‍රොමිස් නවකතාවට

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 59

දකුණු අප්‍රිකානු ලේඛක ඩැමොන් ගල්ගට් ගේ ‘ද ප්‍රොමිස්‘ නවකතාවට අන්තර්ජාතික බුකර් සම්මානය හිමිව ඇත. මීට පෙර 2003 දී සහ 2010 දී ද බුකර් සම්මානයට ඔහුගේ නම නිර්දේශ වී තිබිණි. 

බුකර් සම්මානය සහ පවුම් 50,000ක තෑගි මුදල පසුගියදා පැවැති උත්සවයකදී ඩැමොන්ට හිමිවිය. ‘ද ප්‍රොමිස්‘ ඔහුගේ 9 වැනි නවකතාව වන අතර, වර්ග භේදවාදී යුගයේ සිට වර්තමානය දක්වා දශක හතරක කාලයක දකුණු අප්‍රිකානු පවුලක බිඳ වැටීම මේ ග්‍රන්ථයට පාදක වී තිබේ.