අපේ සාලිය - අශෝකමාලා කතාවට සමාන කතාවක් දැන් අසන්නට ලැබී ඇත්තේ ජපාන රජ පවුලෙනි. ජපාන අධිරාජයාගේ මිණිරිය, මාකෝ කුමරිය ඇයගේ පාසල් මිතුරා කී කමුරෝ සමඟ විවාහ වී රජ පවුලෙන් නික්ම යාමත් සමඟය.
ඔවුන් දෙදෙනා මීට වසර කිහිපයකට පෙර විවාහ ගිවිසගත් අතර “කී කමුරෝ” ගේ මව සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් විවාහය කල් දැමිණි. ඒ හේතුවෙන් මාකෝ කුමරියට මානසික රෝගී තත්ත්වයක්ද ඇතිවුණු බව වාර්තා විය. ඔවුන් දෙදෙනාම 30 වැනි වියේ පසුවෙයි. මීට වසර 4කට පමණ පෙර ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් නිවේදනය කළ විට ඊට ජපාන ජනතාව අතර දැඩි කැමැත්තක් පිළිබිඹු විය.
නමුත් ජපාන ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තා කළේ කී කමුරෝගේ මව විශාල මුදල් වංචාවකට සම්බන්ධ බවය. ඒ හේතුවෙන් ජපාන පුවත්පත් ඔහු සම්බන්ධයෙන් නිතර විමසිල්ලෙන් පසුවිය. අනතුරුව විවාහය කල් දැමුණු අතර ඔහු නීතිය ඉගෙන ගැනීම සඳහා 2018දී අමෙරිකාවට ගියේය. ඔහු ජපානයට නැවත පැමිණියේ පසුගිය මාසයේදීය. ඔවුන්ගේ විවාහය ඉතා චාම් අයුරින් පැවැත්වුණු බව ජපාන මාධ්‍ය වාර්තා කළේය. ජපාන රාජකීය පවුලේ කාන්තාවක් සාමාන්‍ය පුද්ගලයෙක්ව විවාහ කරගෙන සාමාන්‍ය වැසියෙක් බවට පත්වූ විට එකවර අමෙරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබාදෙයි. නමුත් මාකෝ එය ප්‍රතික්ෂේප කර තිබුණි. විවාහයෙන් පසුව ඔවුන් නිව් යෝර්ක් නගරයේ පදිංචියට යෑමට නියමිතය.