2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

උඩුගුවනේ චිත්‍රපටයක් රූ ගැන්වෙයි!

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

ලෝකයේ මුල් වතාවට අභ්‍යවකාශය තුළ චිත්‍රපටයක් රූගැන්වීම මේ දිනවල සිදුවෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මේ රූගත කිරීම සිදුවන්නේ රුසියානු චිත්‍රපට කණ්ඩායමක සහභාගීත්වයෙනි. ඒ අනුව අභ්‍යවකාශයේ චිත්‍රපටයක් රෑගත කිරීම සඳහා අමෙරිකාව සහ රැසියාව අතර පැවති තරගයෙන් රැසියාව පෙරමුණ ගෙන තිබේ.

එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන “ක්ලිම් ෂිපෙන්කෝ” සහ 37 හැවිරිදි රංගන ශිල්පිනියක් වන “යූලියා පෙරෙසීල්ඩ්” ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටව ගොස් ඇත්තේ කසකස්ථානයේ සිටයි. ඔවුන් රැගත් අභ්‍යවකාශ යානය ගුවන්ගත වී පැය 03කට පසු සුළු බාධාවකින් අනතුරුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී ඇත. අභ්‍යවකාශයට යන වෛද්‍යවරයකුගේ අත්දැකීමක් මේ කතාවෙන් කියැවෙයි. මීට පෙර අමෙරිකානු නළු “ටොම් කෲස්” ද නාසා ආයතනය හා එක්ව  අභ්‍යවකාශයේදී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබූ අතර මේ නිෂ්පාදනයත් සමඟ අභ්‍යවකාශ චිත්‍රපටයක් තැනූ මුල් රට වීමට තිබූ තරගයෙන් රුසියාව මුල් තැන ගන්නට සමත්ව තිබේ.